යුක්‍රේනයේ සටන්වලින් රුසියානු හා යුක්‍රේන භටයන් දෙලක්ෂයක් මරුට

353

යුක්‍රේනය තුළ රුසියානු හා යුක්‍රේන හමුදාවන් අතර ඇවිලී ඇති සටන්වලින් මේ වන විට රුසියානු හමුදා භටයන් ලක්ෂයක් හා යුක්‍රේන භටයන් ලක්ෂයක් දෙනා පමණ මියයන්නට හෝ තුවාල ලබන්නට ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම හමුදා ජෙනරාල්වරයා විසින් ඇස්තමේන්තු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා කාර්ය සාධන ප්‍රධානී ජෙනරාල් මාක් මිලි විසින් මෙම ඇස්තමේන්තු කිරීම සිදුකර ඇති අතර ඔහුට අනුව යුක්‍රේනයේ පවතින සටන් හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 40,000ක් පමණ දෙනා මියගොස් තිබේ. මෙම සංඛ්‍යාව බටහිර නිලධාරියකු විසින් යුක්‍රේනයේ පවතින ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව පිළිබඳව ඉදිරිපත් කර ඇති ඉහළම ඇස්තමේන්තුව බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment