එංගලන්තයේ බැක්ටීරියා ආසාදනයකින් ළමුන් 30ක් මරුට

315

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ‘ස්ට්‍රපේ ඒ’ යනුවෙන් හැඳින්වෙන බැක්ටීරියා ආසාදනයට ගොදුරු වීමෙන් එංගලන්තයේ කුඩා දරුවන් 30 දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. ගත වූ කාලය තුළදී අදාළ දරුවන් 30 දෙනා ඇතුළු 122 දෙනකු මෙම බැක්ටීරියා ආසාදනයට ගොදුරු වීමෙන් මිය ගොස් ඇති අතර ඉන් 25 දෙනකුම වයස අවුරුදු 18ට අඩු අය බව එංගලන්ත සෞඛ්‍ය ආරක්ෂක ආයතනය විසින් නිවේදනය කර තිබේ.

‘ස්ට්‍රපේ ඒ’ බැක්ටීරියා ආසාදනයට ගොදුරු වන්නන්ට උගුරේ ආසාදනය, උණ, උගුර රිදීම ඇතුළු විවිධ වූ ආසාදනයන් වැළඳෙන බව අනාවරණය වී තිබේ. මෙම බැක්ටීරියා ආසාදනයට ගොදුරු වන්නන් මරණයට පත් වීම කලාතුරකින් සිදු වන නිසා මෙසේ එම ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් මෙවර මරණයට පත් වීම පිළිබඳව එංගලන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment