ජනපති අරමුදලින් උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව

299


අ.පො.ස සා.පෙළ විභාගය සඳහා 2021 ,2022 වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් එම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ද මේ වනවිට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුග 75,000- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්ව ලාභීන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.

මීට අදාළ අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment