විදුලි බිල වැඩි කළාට එරෙහිව 3 වැනිදා පැය 2ක් විදුලිය නිවා විරෝධය දක්වන්න

106

‘ගිනිසිළුව අසිපත’ ඉල්ලයි

බදු බරින් පීඩිත ජනතාවගේ හිස මතට තවත් කුළුගෙඩි පහරක් එල්ල කරමින් තවත් වතාවක් සිදුකළ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව රජයට විරෝධය පළකරලීමට නොවැම්බර් 3 වැනිදා ප.ව.7-9 දක්වා පැය දෙකක කාලයක් විදුලිය නිවා රට අඳුරේ තබා අප්‍රසාදය පළකරන බව ‘ගිනිසිළු අසිපත’ සංවිධානයේ කැඳවුම්කරු හිටපු යුද හමුදා නිලධාරි හසිත සිරිවර්ධන මහතා ඉල්ලීමක් කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිවර්ධන මහතා ගහන්න ගහන්න රජයට වඳින මෝඩකමට තිත තැබිය යුතු බවද ලංවිම පාඩුව බිලියන 22 පියවා ගැනීමට දුප්පත් ජනතාවගේ ගෙල මිරිකීමට ක්‍රියාකර ඇතත් බලවතුන්ට හා ඔවුනට හිතෛෂි ව්‍යාපාරිකයන් මණ්ඩලයට අයවිය යුතු බිලියන 39 ක් තවත් අයකර ගෙන නැති බවද කීය.

මේ වනවිට අත්‍යවශ ආහාර පානවල මිල දිනෙන් දින ඉහළ යන අතර මුදල් නොමැතිව අසරණ වන ජනතාවගේ හා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ප්‍රතිශතයක පවතී. එමෙන්ම රෝහල්වල බෙහෙත් හිඟය හා බෙහෙත් මිල ගණන් ඉහළ යෑමද බාල ඖෂධ ගෙන්වීමත් කල්ඉකුත් වූ ඖෂධ ලබාදීමත් ආදිය නිසා රටට අහිමිවූ වටිනා ජීවිතවලට වගකියන්නෙක්ද නැත. මේ ආකාරයෙන් ජන ජීවිත සමඟ රනිල් රජය සෙල්ලම් කරමින් සිටී. ඛනිජ තෙල් මිල ඉහළ යෑම තුළ ජනතාව කබලෙන් ලිපිට වැටෙමින් සිටී. මේ නිසා බොහෝ අයගේ රැකියා හා ජීවත්වීමද අවදානමකට පත්ව ඇත. ගොවි, ධීවර ජනයා මෙන්ම කුලී රථ රියැදුරු සේවයද අන්ත අසරණභාවයට ලක්වී ඇත. දෛනික කුලී වැඩකර ජීවත් වන්නාටද ලබන වැටුප දවස ගෙවීමටත් ප්‍රමාණවත් නැත.

ගොඩනැඟිලි කර්මාන්තයටද එහි ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් විශාල බි`දැවැටීමක් සිදුවී ඇත. එහි ප්‍රතිශතය 60% කි. එම වෘත්තිකයන්ද ජීවිත අවදානමක සිටින්නේ වෘත්තීන් අහිමි වීම නිසයි. එසේ තිබියදී කිසිදු ඡන්දයක් නොදුන් ජනතාවගෙන් ජනවරමක් නොළත් රනිල් ජනාධිපතිවරයා පළිගනිමින් සිටී. හැමදාමත් බොරදියේ මාළු බාන්න බලා සිටින ජ.වි.පෙ. මේ අවස්ථාව තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කූඨ ලෙස ජනතාව රැවටීම අරඹා ඇති බවද සිරිවර්ධන මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment