‘ඔබ තරම්’ හිතුවට වැඩිය ජනප්‍රිය වුණා

1790

නතාෂා පෙ⁣රේරා දීර්ඝ නිහැඩියාවකට පස්සෙ ගායනා කරන අලු‍ත් ගීතය මේ දවස්වල ප්‍රේක්ෂකයො අතර ගොඩක් ජනප්‍රියවෙලා තියනවා. ඇගේ මේ කතාව ඒ ගැනයි.

● කාලෙකට පස්සෙ ආපහු සිංදු කියන්න පටන්ගත්තා නේද ?

ඔව් මගේ අලු‍ත්ම සිංදුව තමයි ඔබ තරම් සිංදුවේ female version එක. අවුරුදු කීපයකට කලින් මේ සිංදුව male version එක ගායනාකලේ තීක්ෂන අනුරාධා අයියා. ඔබ තරම් මුල් ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කරපු රදීශ් වැන්දබෝනා තමයි මට female version කරමු කියලා ආරාධනා කෙරුවෙ. ඉතින් මම ඒ ආරාධනාව පිළිඅරගෙන ඔබ තරම් සිංදුව ගායනාකලා. මේ වෙද්දි මම හිතුවටත් වැඩිය ඒ සිංදුව රසිකයො අතර ජනප්‍රියවෙලා තියනවා. ඉතින් ඇත්තටම ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වෙනවා මගේ ගීතය ගොඩක් ආදරයෙන් භාරගත්තට.

● ඔබේම සිංදුවක් ආපහු අහන්න පුළු‍වන් කවදද ?

මේ දවස්වල අලු‍ත් ගීතයක සංගීත කටයුතු කරන ගමන් ඉන්නෙ.ඉතින් වැඩි කල් යන්නැතුව මගේම ගීතයක් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට අහන්න පුළුවන්.

● පුංචිකාලෙදි කරපු නිර්මාණවලට ප්‍රේක්ෂකයො තාමත් ආදරෙයි නේද ?

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදි එඩ්වඩ් ජයකොඩි මාමා එක්ක ගායනා කරපු සුළඟක් වී මං යනවා ගීතය වගේම දඟමල්ල ටෙලිනාට්‍යයේ මම කරපු රංගනයට අදටත් මට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර හම්බවෙනවා.⁣ මේ වෙද්දි මම කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් වෙනවා.මේ අවුරුදු විස්ස පුරාවටම මම හම්බකරපු වත්කම තමයි ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ආදරය. මාත් එක්ක ඒ විදිහට අවුරුදු විස්සක්ම ප්‍රේක්ෂකයො හිටපුඑක ගැන මම ගොඩක් සතුටුවෙනවා වගේම නිහතමානීව ආඩම්බර වෙනවා.

● ලක්ෂාන් නිලංක

advertistmentadvertistment
advertistmentadvertistment