ලක්‍ෂයක් කප්පම් ඉල්ලූ පාතාල ගෝලයා රිමාන්ඩ්

456

රුපියල් ලක්‍ෂයක් කප්පමක් ලබා නොදුනහොත් ඝාතනය කරන බවට ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් තර්ජනය කළේ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන පෙතියාගොඩ සංඛ නමැත්තාගේ සමීපතම ගෝලයකු වන දෙල්ගහවත්තේ අජිත් කුමාර නමැත්තා ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය. පොලිතින් ව්‍යාපාරිකයකු වන පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment