තරුණ පිරිස අතර මුත්‍රා ආසාදන වැඩිවීමට හේතු

618

මුත්‍රා ආසාදන ඇති වූ විට මුත්‍රා පිට කරන විට දැවිල්ලක් හටගනී. මුත්‍රා මාර්ගයේ වේදනාවක් මතු වේ. මුත්‍රා මාර්ගයේ ඉදිමුමක් හටගත හැකිය. මුත්‍රා කරන විට කැසීමක් ඇති විය හැකිය.

වර්තමානයේ තරුණ තරුණියන් අතර මුත්‍රා ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මුත්‍රා පිට වනවිට දැවිල්ලක් දැනෙන බව, වේදනාවක් හටගන්නා බව ආදී ලෙසින් සිය අපහසුතා ඔවුහු සඳහන් කරති. එබැවින් මෙය තරුණ පරපුරේ කාලීන ගැටලුවක් බවට පත්ව ඇත.

මුත්‍රා ආසාදන ඇතිවීම

වර්තමානයේ තරුණ තරුණියන් අතර මුත්‍රා ආසාදන බහුල වීමට බලපා ඇති හේතු අතර ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇත්තේ තෙල් අධික ආහාර වර්ග බහුලව ගැනීමය. මෙම තෙල් සහිත ආහාර ගැනීම මගින් සිරුරට එක් වෙන මේදය තැන්පත් වන්නේ අක්මාවේය. එසේම සිරුරට අවශ්‍ය මේදය නිපදවීම සිදුවන්නේ ද අක්මාව තුළිනි. මෙලෙස අක්මාව තුළ මේදය තැන්පත් වීම වැඩි වූ විට රුධිරයට එක්වන මේද ප්‍රමාණය ද වැඩි වේ. රුධිරයෙහි මේදය වැඩි වූ විට ඒවා මුත්‍රාශය, පිත්තාශය සහ වකුගඩුවල තැන්පත් වීමෙන් ගල් හට ගැනීමක් සිදුවිය හැකිය. එවිට මුත්‍රා පිටවන විට වේදනාවක් හටගනී.

තරුණ පිරිස අතර මුත්‍රා ආසාදන වැඩිවීමට හේතු

මීට අමතරව සැර ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම නිසා ද මුත්‍රා සාන්ද්‍රණය වැඩි වේ. ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, අන්නාසි, විනාකිරි, දුරියන්, රඹුටන්, කෝපි, කිරි අල, මඤ්ඤොක්කා, කරවල, හාල්මැස්සෝ ආදී ඌෂ්ණාධික ආහාර නිතර වැඩිපුර ගැනීමෙන් මෙලෙස මුත්‍රා සාන්ද්‍රණය වැඩිවීමට බලපායි. කරවල සහ හාල්මැස්සන් ආහාරයට ගැනීම මගින් සිරුරට අවශය කැල්සියම් ලැබුණ ද බරපතළ ගැටලුව වන්නේ ආහාර නිසා මුත්‍රා ආසාදන හටගැනීමය.

මෙලෙස මුත්‍රා ආසාදන ඇති වූ විට මුත්‍රා පිට කරන විට දැවිල්ලක් හටගනී. මුත්‍රා මාර්ගයේ වේදනාවක් මතු වේ. මුත්‍රා මාර්ගයේ ඉදිමුමක් හටගත හැකිය. මුත්‍රා කරන විට කැසීමක් ඇති විය හැකිය. සමහර පිරිසකට මුත්‍රා පිට නොවී මුත්‍රා අඩස්සිය ඇතිවිය හැකිය.

මුත්‍රා පිටවීම අඩාල වූ විට පෙනහල්ලේ වතුර එක්විය හැකිය. මුත්‍රාශයේ ඉදිමීමක් සිදුවිය හැකිය. එසේ වූ විට සැත්කම් ආදියට යොමු වීමට සිදු වේ.

මුත්‍රා ආසාදන වළක්වා ගැනීම

මුත්‍රා ආසාදන වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ අධික මේදය සහිත ආහාර වර්ග සහ කැල්සියම් අධික ආහාර නිතර නිතර ගැනීම සීමා කිරීමය. එසේම උෂ්ණාධික ආහාර ගැනීම ද අඩු කළ යුතුය. දිනකට පිරිසිදු ජලය ලීටර් 04ක් වත් පානය කළ යුතුය. මුත්‍රා පිටවීමේ අවශ්‍යතාවය ඇති වූ විට එය හිරකර තබාගෙන නොසිට මුත්‍රා පිටකර මුත්‍රාශය හිස් කිරීමට පියවර ගත යුතුය. මුත්‍රා පිට කළ පසු මුත්‍රා මාර්ගය ප්‍රදේශය සෝදා හොඳින් පිරිසිදු කරගත යුතුය. මුත්‍රා ආසාදන ඇති වීමට බලපාන තවත් එක් හේතුවක් වී ඇත්තේ මුත්‍රා පිට කළ පසු මුත්‍රා වර්ගයේ ඉතිරි වන මුත්‍රා බිංදු කිහිපයට විෂබීජ ආසාදනය වීමය. එබැවින් මුත්‍රා මාර්ගය අවට බාහිර ප්‍රදේශය හොඳින් පිරිසිදුව වියලිව තබාගත යුතුය.

වැඩිහිටියන් අතර මතුවන මුත්‍රා ආසාදන සඳහා දියවැඩියාව රෝග තත්ත්වය ද එක් හේතුවක් බවට පත්ව ඇත. එබැවින් එවැනි පුද්ගලයින් තම දියවැඩියා රෝගය පාලනය කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමතිය හැකිය.

තරුණ පිරිස අතර මුත්‍රා ආසාදන වැඩිවීමට හේතු

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment