පොලිස් නිලධාරියකුට පහර දීමට තැත් කළැයි අක්මීමන පොහොට්ටුවේ හිටපු උප සභාපති අත්අඩංගුවට

54

පොලිස් නිලධාරියකුට පහර දීමට තැත්කොට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති ඒ.කේ. සුගත් මහතා පෙරේදා (15දා) රාත්‍රියේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.

මීට මාස තුනකට පමණ පෙර ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේදී සැකකාර හිටපු උප සභාපතිවරයා පෝද්දල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියකු සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි. හිටපු උප සභාපතිවරයා පැමිණි යතුරුපැදිය මාර්ගයේ පසෙකට ගන්නා ලෙස රථවාහන අංශයේ පොලිස් නිලධාරියා පැවසීම නිසා ඔහු එම පොලිස් නිලධාරියාට පහර දීමට තැත්කොට රාජකාරියට බාධා වන ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි. හිටපු උප සභාපතිවරයා යතුරුපැදිය දමා දිවගොස් තිබූ අතර යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබුණි.

මාස තුනකට අධික කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිටි උපසභාපතිවරයා පෙරේදා රාත්‍රී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර උප සභාපතිවරයා ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment