වන සංරක්ෂණේ වාහන 288ක් බැද්දෙ ගැහැව්වාද?

118

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වාහන 288ක තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබිම හේතුවෙන් එම වාහනවල භෞතික පැවැත්ම සනාථ කරගැනීමට නොහැකිවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වාහන සංචිතය භෞතිකව ගණන් බැලීමක් සිදුකොට නොතිබූ අතර වාහන 711ක් තිබෙන බවට තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට තිබිණි. එමෙන්ම දෙපාර්තමේන්තුව විසින් වෙනත් රාජ්‍ය ආයතන සතු වාහන භාවිතා කළද එම වාහන සංඛ්‍යාව සහ එහි අයිතිය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කොට නොතිබිණි. එම වාහනවල අයිතිය පවරාගැනීමට හෝ ආපසු භාරදීමට කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment