2024 වසර සඳහා කරන ගුරු මාරු මණ්ඩලවලින් ඉටුවිය යුතු යුක්තිය

663

සෑම අවුරුද්දකම වසර 10 වැඩි එකතැන සේවය කරන ගුරුවරු ස්ථාන මාරු කිරීමේදී වෘත්තිය සමිති එක්ව ජාතික හා පළාත් ප්‍රතිපත්තිවලට අනුව සකස් කරන නිර්ණායක මත ස්ථාන මාරුවීම් සකස් කළ යුතු වේ.

මෙහිදී වසර 10 සැපිරුණු ගුරුවරුන් සඳහා පුද්ගල න්‍යාය පත්‍ර නොමැතිව, මාරුමණ්ඩල හරහා නිවැරැදිව හා විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීමට සියලු නිලධාරීන් සහාය ලබා දීම කරයි නම් ජාතික ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි වේ.

වසර 10 සම්පූර්ණ ගුරුවරු අතිරික්ත කොට අභිමත පරිදි ක්‍රියාත්මක වෙයි නම් 10 වසර ඉක්මවූ සෙසු ගුරුවරුන්ද වසර 10 පූර්ණ වෙද්දී අතිරික්ත කිරීම හෝ මාරුමණ්ඩලය ක්‍රියාත්මක වීමට පෙර ස්ථානය මාරු ලබා ගැනීම පොදු ගුරු මාරු නීතියට කරන අසාධාරණයක් බව කිවයුතු වේ. මේ නිසා පාසලින් ගුරුවරු අතිරික්ත කිරීමේදී 10 වසර නිමවූ ගුරුවරු අතිරික්ත කිරීම හෝ පුද්ගල දේශපාලන මත අබිමත පාසල් කලින් ලබා දීම ද සාධාරණය නොවේ. සෑම ගුරුවරයකුට මාරුමණ්ඩල ක්‍රියාත්මක වීම සමාන සාධාරණය ඉටුකළ යුතු ය.

ගුරු ස්ථාන මාරු ලබාදීමේදී අන්තර් කලාප මාරුවීම් ලබාදීම ගැන මීට වඩා මානුෂිකව හස් කඩිනම් ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ. මන්ද කලාප වලින් ලිපිගොනු පුරවා යවන මාරු ලිපි සෑම වර්ෂයකම ගුරුවරුන් ඉල්ලුවද අන්තර් කලාප ස්ථානය මාරු ලබා දීම ඉතා සෙමින් සිදුවෙන නිසා ගුරුවරු දැඩි අපහසුතාවටත් අසහනයටත් කලකිරීමටත් පත්ව ඇති බව පෙනේ.

මේ නිසා ස්ථාන මාරු ඉල්ලා අසහනයට පත් ගුරුවරු පීඩනේට තවදුරටත් පත්කර ඇත. රටේ පවතින ආර්ථික දුෂ්කරතා මැද දුර සිට එන ගුරුවරුන් කලාපෙන් බැහැර කලාපෙකට ඉල්ලන්නේ සේවා හා මානව අයිතිවාසිකම් මතය. මෙම තත්ත්ව ගැන සිතා අන්තර් ස්ථාන මාරු කඩිනම් කර ක්‍රියාත්මක කරදෙන ලෙස ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කරනු ඇත.

අනෙක් අතට ජාතික පාසල් ස්ථාන ගුරු මාරු හා පළාත් හා ජාතික පාසල් අතර ස්ථාන මාරු කඩිනම් කළ යුතුය.

එසේ නොකිරීම යනු ගුරුවරුන් ගේ මානව හිමිකම් විනාශ වීමකි. පාසලින් අනුප්‍රාප්තිකයකු රහිතව නිදහස් කරන ගුරුවරයාටද ජාතික පාසල්වලට ඉක්මනින් යෑමට ඇති හැකියාව අඩුවී ගුරුවරුන්ගේ තෘප්තිමත් බව හා උද්‍යෝගය කඩාවැටෙනු ඇත.

අනෙක් අතට මෙම වසර මෙරට දරුණු ලෙස ආර්ථිකව කඩාවැටී ඇති බැවින් ගමන් වියදම් ගැන අවදානමකින් සිතා ස්ථාන මාරු සිදුකළ යුතු නොවේද.

ජාතික පාසල්වලට ස්ථාන මාරුවීම් ඉල්ලීමේදී එම ස්ථාන මාරු කඩිනමින් නොවන්නේ මන්ද. පළාත්බද පාසල් තුළ සේවය කළත් ස්ථාන මාරුවට සුදුසුකම් ලබන ගුරුවරු පාසලින් අතිරික්ත කළත් එය ඉතා පහසු වුවද. එවන් ඉල්ලීම් පවා ජාතික පාසල් ස්ථාන මාරු ලබා දීම ප්‍රමාද වී ඇත. මෙය පළාත්වල සේවය කරන එහෙත් ජාතික පාසල්වලට ස්ථාන මාරු ඉල්ලන ගුරුවරුන්ට අසාධාරණයක් කිරීමකි. පළාත්වල සේවය කරන ගුරුවරුන්ට ජාතික පාසල් යෑමට කඩිනම් අවස්ථා සකස් කරවිය යුතු වන්නේ ගුරුවරුන්ට ජාතික පාසල්වල සේවය ඉල්ලන ගුරුවරුන්ට එම අයිතිය හිමි නිසාවෙන් බව කිව යුතුයි.

එමෙන්ම ස්ථාන මාරු කිරීම් ජාතික ප්‍රතිපත්ති හරියාකාරව ක්‍රියාත්මක කිරීමේදී පෙනෙන තවත් කරුණක් නම් දුෂ්කර පාසල් ඉතා දුරම පාසල්වල ගුරුවරුන් මාරු කිරීමේදී තවත් ගුරුවරයකු එම ස්ථානයට මාරුකර යැවීමේදී එම ස්ථානයට වෙනත් ගුරුවරයකු ස්ථාන මාරු කිරීමේ දුර පිළිබඳ ගැටලුවයි. මේ නිසා දුෂ්කර හා දුර පාසල් සඳහා යැවීමට කඩිනමින් නව උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගෙන දුෂ්කර පාසල්වල සිටි දීර්ඝ කාලයක් ස්ථාන මාරු ලබාගැනීමට නොහැකි ගුරුවරුන් ට පදිංචිය සමීප හෝ දුෂ්කර පාසල් ගුරුවරුන්ට සහන ලබා ගැනීමට ඉල්ලන පාසල හෝ ලබා දීමට සහය අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් බඳවා ගැනීම් කරන ලෙස ඉල්ලීම් කර සිටිනවා. අනෙක් අතට ගුරු විභාගය සමත්ව සිටින කණ්ඩායමක් මෙවන් විටත් පත්වීම් ලබාදී නැති බව පවසයි. 2019 වර්ෂයේ පිරිසක් ගුරු විභාගය සමත් කණ්ඩායමකට ගුරු පත්වීම් ලබා නොදේ නම් විභාග සමත් වූ අයට කරන වරදක් වේ.

2024 වසර සඳහා කරන ගුරු මාරු මණ්ඩලවලින් ඉටුවිය යුතු යුක්තිය

● වී. මු දිවානි හෙට්ටිගේ
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ

advertistmentadvertistment
advertistmentadvertistment