රෝහල් කනිෂ්ඨ සේවකයෝ වෘත්තීය සටනට සූදානමින්

82

රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරියේදී කනිෂ්ඨ කාර්ය සහායකයන් තිස්දහසකට අධික පිරිස සමග පාරට බසින බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ ‘දිවයින’ ට පැවසූහ.

දැනටමත් රාගම ශික්‍ෂණ රෝහල ඉදිරිපිට රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් එක්ව අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹා ඇතැයි ද උන්වහන්සේ කීහ. රුපියල් දහසක දීමනාව රුපියල් අටදහසක් දක්වා ඉහළ දැමීම, පහළොස් දහසක කනිෂ්ඨ කාර්ය සහායක හිඟය පිරවීම, හත්දහසක් වන කනිෂ්ඨ කාර්ය සහායක පුරප්පාඩු පිරවීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයකට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කීපයකදීම සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් රෝහල් තුළ විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරන බවත් ඔවුන්ගේ ගැටලුවලට බලධාරීන් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත් උන්වහන්සේ කියා සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment