ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනියගේ සැමියා 11 හැවිරිදි දරුවකුට දඬුවම් කරලා

629

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර විදුහලක විදුහල්පතිවරියකගේ සැමියා විසින් එම විදුහලේ 11 හැවිරිදි සිසුවෙකට වේවැල් පහරවල් එල්ල කළ සිද්ධියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විදුහල්පතිවරියගේ සැමියා දැනටමත් අතුරුදන්වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරන බව පොලිසිය කියයි.

මෙම ජාත්‍යන්තර විද්‍යාලයේ ළමුන් තිදෙනකු ඇතිකරගත් දබරයක් නිසා එම දරුවන් තිදෙනා විදුහලේ කාර්යාලයට ගෙන්වාගෙන එක් දරුවකුට මෙසේ වේවැල් පහර දීම නිසා එම දරුවා රෝහල් ගතකර තිබේ. එම විදුහලේ විදුහල්පතිවරිය එම කාර්යාලයෙන් බැහැරව ගිය මොහොතක ඇයගේ සැමියා මෙම ක්‍රියාව සිදුකර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment