සචින් කියාදෙන්න ආදරේ තරම් හැරයයි

2281

“කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ “නිර්වාන්” ලෙසින් පුංචි තිරය ඔස්සේ ඔබ හමුවට එන කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ. සචින් “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙන්න යන බව ‘දිවයින’ සිනමා කලා වෙත දැන ගන්නට ලැබුණා. ඉතිං ඒ ආරංචිය ඇත්තද කියලා අපි සචින්ගෙන් ඇහැව්වා.

ඔව් මම කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයෙන් ඉවත් වෙන්න තීරණය කළා. මේ අන්තිම දවස් ටික මම මේ ෂුටින් යන්නේ. තව සති තුනක් වගේ ඇතුළත නිර්වාන් කියන චරිතය කතාවෙන් ඉවත් වෙයි. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳලා තමයි මම අයින් වෙන්න යන්නේ. ඊට පස්සේ හිතුවා දැන් පොඩ්ඩක් අයින් වුණා නම් හොඳයි කියලා. මොකද මගේ වැඩත් එක්ක කරගෙන යෑමේ අපහසුවක් තියෙන නිසා සහ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමක් තියෙනවා දැන් මම මේකෙ හිටියා ඇති කියලා වගේ එකක්. ඉතින් මාව ගෙනාවෙත් ඒගොල්ලො. ඒ නිසා එයාලගේ තීරණයට මම අවනත වෙන්න ඕන කියලා මම හිතනවා.

● පාරමී

advertistmentadvertistment
advertistmentadvertistment