ළමයින් සෙල්ලමට දමලා අම්මලා බූරු ගහලා

184

බූරු සෙල්ලමේ සිටි අයකුගෙන් ප්‍රශ්න කිරීමේදී කුකුළු පැටවුන් මිලදී ගන්නට පැමිණි බව පවසලා

පාසල් නිම වීමෙන් පසු තමන් සමගින් ආ දරුවන්ගේ පොත් බෑග් නිවෙසක පිටත තබා දරුවන් මිදුලෙහි සෙල්ලම් කිරීමට සලස්වා නිවෙසක් තුළ සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයකු ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉංගිරියේ, රඹුක්කන ගම නිවෙසක් තුළ පැවැත්වූ මෙම සූදු පිටියේදී අත්අඩංගුවට පත් කාන්තාවන් ඉංගිරිය රඹුක්කන ගම අවට ප්‍රදේශවල කාන්තාවන් වන අතර පොලිසිය වැටලීමේදී ඔවුන් පළාගොස් සැඟවී ඇත. එහිදී එක් කාන්තාවක් සැඟවී ඇත්තේ මෙට්ටය යටය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානයේ සූදු පිටිය පවත්වා ගෙන ගොස් තිබෙන අතර එහි සිටි පිරිමි පුද්ගලයා ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ කුකුළු පැටව් මිලදී ගැනීමට පැමිණි බවයි.

නමුත් විමර්ශනවලදී ප්‍රකාශය සාවද්‍ය බව පොලිසිය තහවුරු කරගෙන ඇත. එම නිසා ඔහුවද අත්අඩංගුවට ගෙන ඇත.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment