පෞද්ගලික බස් සේවක වැරැදි 0760-450860 අංකයට වට්ස්ඇප් කරන්න

53

ප්‍රවාහන අධිකාරියේ සභාපති මගීන්ගෙන් ඉල්ලයි

මගී පෞද්ගලික බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් බස්රථ තුළදී වැරැදි සිදුවන්නේ නම් ඒවා වීඩියෝ ගතකර හෝ ඡායාරූප ගතකර 0760-450860ට වට්ස්ඇප් කරන ලෙස බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ක්‍රමය තුළින් වැරැදි සිදුකරන බස්රථ සේවකයන් හඳුනාගත හැකිවනු ඇතැයිද හෙතෙම කීය. බස්රථ සේවකයන් සම්බන්ධයෙන් වන පැමිණිලිවල වර්ධනයක් දක්නට ඇතැයිද හේ කියා සිටියේය.

මේ අතර ගතවූ මාස දෙක තුළ බස්රථ සේවකයන්ට එරෙහිව මගී පැමිණිලි 380ක් ලැබී ඇතැයිද සභාපතිවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment