කනිෂ්ඨ මල්ලවපොර ශුරතාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගෙන් ඉහළ දස්කම්

191

රුසියාවේ දී නිමාවට පත්වූ ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර ශුරතාවලිය ට සහභාගීවූ ශ‍්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම එම තරගාවලියේ දැක්වූ දක්ෂතා අනුව ලෝක කනිෂ්ඨ ශේණිගත කිරීම් වලදී ඉහළ ට පැමිණීමට සමත්වීම ශ‍්‍රී ලංකා කණිෂ්ඨ මල්ලවපොර ඉතිහාසයේ යෝධ පිම්මක් බැව් ප‍්‍රවීණ මල්ලවපොර ශූරයෙකූව සිටි කණ්ඩායම් නායක චමෝද් ඇන්තනි ගේ පුහුණුකරු වන අර්ලි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ ක‍්‍රිඩා පිටුවට පැවසීය.

ඒ අනුව ඔවුන් අත්නොහැර රැුක බලා ගැනීම අපේ යුතුකමක් මෙන්ම වගකිවයුතු ක‍්‍රීඩා බළධාරීන්ගේ වගකීමක් බැව ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය. මෙම ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර ශුරතාවලියේදී කාන්තා කිලෝග‍්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කළ නෙත්මි අහිංසා 8 යන ස්ථානයත්, කිලෝග‍්‍රෑම් 53 බර පන්තිය නියෝජනය කළ චමෝද්‍යා කේශානි 9 ස්ථානයත් දිනා ගැනීම විශේෂත්වයකි.

එම තරගාවලිය නියෝජනය කළ එකම ක‍්‍රිඩකයා වූ කණ්ඩායම් නායක චමෝද් ඇන්තනි, පිරිමි කිලෝග‍්‍රෑම් 70 බර පන්තියේ 20 ස්ථානය ට පත්ව විය.

මේ පිළිබදව කරන ලද විමසීමකදී සංචාරයට සහභාගී වූ පුහුණුකරු සුරංග කුමාර මහතා අදහස් දක්වමින්, අඩු පහසුකම් සහිතව පුහුණු වීම් වල නිරතවූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙවැනි ජයග‍්‍රහණයක්ල ලැබිම සතුටට කරුණක් බවත්, නව තාක්ෂණය සහ නිසි පෝෂණය සහිතව පුහුණු වීම් වල නිරතවීමට අවස්ථාවක් ලද හොත් ඉදිරියේදී මෙයට වඩා ජයග‍්‍රහණ ලබාගෙන ශ‍්‍රී ලංකාවේ නාමය දිදුලනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් කියා සිටියේය.

හැඳල – ජේ. ස්ටැනිස්ලස්

advertistmentadvertistment
advertistmentadvertistment