මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශක තනතුරට

449

අයිසීසී පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු වටයේ තරග සඳහා උපදේශකවරයකු ලෙස හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මහේල ජයවර්ධන මහතා මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එම තරගාවලිය නිමා වීමෙන් පසු ජයවර්ධන මහතා ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතය.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ අදියරයේදී ජයවර්ධන මහතාගේ උපදේශකත්වය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඔක්තෝබර් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඔහු ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග රැුඳී සිටිනු ඇත.

එම කාලය තුළදී ශී‍්‍ර ලංකාව නැම්බියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග තරග කිරීමට නියමිතය.

එසේම මහේල ජයවර්ධන මහතා ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමේ ද උපදේශකවරයකු ලෙස පත් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතය.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment