නයිට් රයිඩර්ස් හතරවැනි ජයෙන් හතරවැනි තැනට

181

2021 අයිපීඑල් ක‍්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් සහ කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර

පෙරේදා (23 දා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයග‍්‍රහණයක් ලැබීමට කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරග 9 ක් තුළ ලැබූ 4 වැනි ජයග‍්‍රහණය එය වූ අතර ඒ සමඟ ප‍්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පත්වීමට ඔවුන්ට හැකිවිය.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර කල්කටා ක‍්‍රීඩකයෝ පන්දුවාර 15.1 ක් තුළ ජයග‍්‍රහණය ලබාගත්හ. කල්කටා කණ්ඩායමේ දැවීගිය කඩුලූ 3 ම ජස්පි‍්‍රට් බුම්රා විසින් දවාගනු ලැබූ අතර රාහුල් ටි‍්‍රපති නොදැවී ලකුණු 74 ක් සහ වෙන්කඬේෂ් අයියර් ලකුණු 53 ක් ලබා ගත්තේය.

කල්කටා කණ්ඩායමේ සුනිල් නරයින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

ලකුණු සාරාංශය

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම

ලකුණු 155-6

කුවින්ටන් ඩි කොක් 55, රෝහණ ෂර්මා 33

පන්දු යැවීම

සුනිල් නරයින් 20 – 1, ලොකී ෆර්ගසන් 27 – 2, ප‍්‍රසිද් ක‍්‍රිෂ්ණා 43 – 2

කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම. ලකුණු 159 – 3

රාහුල් ටි‍්‍රපති නොදැවි 74, වෙන්කඬේෂ් අයියර් 53,

පන්දු යැවීම

ජස්ප‍්‍රිට් බුම්රා 43 – 3


නෙට්බෝල් ශ්‍රේණිගත කිරීම් අනුව  ශ‍්‍රී ලංකාව 18 වැනි ස්ථානයට – ආසියානු මහාද්වීපයේ පළමු වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට

අන්තර් ජාතික නෙට්බෝල් සම්මේලනයේ ආසන්නම ශ්‍රේණිගත කිරීම අනුව ලොව 18 වැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ ප‍්‍රසාද ලකුණු 59ක් ලබා ගනිමිනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ආසියානු මහද්වීපයේ පළමුවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වී තිබීම කැපී පෙනේ.

ආසියාතික රටවල් අතර දෙවැනි ස්ථානය මැලේසියාවට ද තෙවන ස්ථානය සිංගප්පූරුවට ද සිව්වන ස්ථානය හොංකොං දේශයටද පස්වැනි ස්ථානය තායිලන්තයට ද හිමි වී තිබේ.

ලෝක ශ්‍රේණි ගතකිරීම අනුව පළමුවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වී සිටී. තරග 43කට සහභාගි වෙමින් වාර්තා කරගෙන ඇති ප‍්‍රසාද ලකුණු 199ක් ආශ‍්‍රිතව ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම රැුඳී සිටීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

ප‍්‍රසාද ලකුණු එකසිය 187ක් සමගින් මෙහි දෙවැනි ස්ථානය නවසීලන්තය හිමි කර ගන්නා අතරවාරයේ එංගලන්තයට තෙවන ස්ථානය හිමි වී තිබේ. එංගලන්තය සතු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 175කි. අන්තර්ජාතික නෙට්බෝල් සම්මේලනය විසින් ශ්‍රේණි ගත කර ඇති රටවල් සංඛ්‍යාව 44කි.

ලොව ශ්‍රේණිගත කිරීම අනුව පළමු රටවල් 20 පහත දැක්වේ.

01. ඕස්ටේ‍්‍රලියාව

02. නවසීලන්තය

03. එංගලන්තය

04. ජැමෙයිකාව

05. දකුණු අප‍්‍රිකාව

06. මලාවි

07. උගන්ඩාව

08. ස්කොට්ලන්තය

09. වේල්සය

10. ටි‍්‍රනිඩැඞ් සහ ටුබෑගෝ

11. නදර්න් ¥පත්

12. සිම්බාබ්වේ

13. බාර්බඩෝස්

14. කුක් දිවයින

15. සැම්බියාව

16. සැමෝවා

17. ෆීජී

18. ශ‍්‍රී ලංකාව

19. ටොන්ගා

20. ශාන්ත ලූසියා

ලොව ශ්‍රේණි ගත කිරීම් අනුව පළමු ආසියාතික රටවල් 05.

18. ශ‍්‍රී ලංකාව

26. මැලේසියාව

30. සිංගප්පූරුව

33. හොංකොං

43. තායිලන්තය

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment