විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ආයුතු බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අදහසයි

119

22 සම්මත කරන විට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දේශපාලනඥයන් කවුද කියා ජනතාවට දැනගත හැකියි
– සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන් ගෙන ආ යුතු බවට මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙපළ අදහස් පළ කළ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා 07 දින පෙරවරුවේ මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය. කරු ජයසූරිය මහතා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ බැහැ දැක 22 වන ව්‍යවස්ථාව ගෙන නොආවොත් රටට අත්වන අනිටු ඵලවිපාක සම්බන්ධයෙන් නාහිමි දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 20 වන ව්‍යවස්ථාවට අනුව මේ ලෝකයේ වැඩිම බලතල ඇති රාජ්‍ය නායකයා මෙරට රාජ්‍ය නායකයා බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වෙනි සංශෝධනය නැවත ගෙන එන බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු උනෙත් 20 වන ව්‍යවස්ථාව අහෝසි කරන බවටයි.

විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ආයුතු බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අදහසයි

යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් මත ඊයේ 22 වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට බැරි වුණත් 18 දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු සැලසුම් කොට තිබෙනවා. 20 වන ව්‍යවස්ථාවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ වශයෙන් අහෝසි වුණා. දැන් පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය නායකයෙක් 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ගෙන ඒමයි සැමගේම බලාපොරොත්තුව. ඊට යම් කිසි පිරිසක් විරුද්ධ වුණත් බහුතරයක් ඊට කැමතියි. මේක පාර්ලිමේන්තුවට දාපු දවසට මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දේශපාලනඥයෝ කවුද කියලා යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment