පාකිස්තාන ක්‍රීඩකයන්ගේ ‘කල්ල මරේ’

727

පකිස්තානයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 25 දෙනකු සමග නව ගිවිසුම් අත්සන් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

එහිදී A කාණ්ඩයේ ක්‍රීඩකයකුගේ මාසික වේතනය 202% කින් ද, B කාණ්ඩයේ ක්‍රීඩකයකුගේ වේතනය 144% කින් ද, C කාණ්ඩයේ ක්‍රීඩකයකුගේ වැටුප 135% කින් ද, D කාණ්ඩයේ ක්‍රීඩකයකුගේ වැටුප 127% කින් ද ඉහළ නංවා තිබේ.

ඒ අනුව A කාණ්ඩයේ ක්‍රීඩකයකුගේ මාසික වේතනය පාකිස්තාන රුපියල් 4,500,000 ක් (USD 15,590) (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 50 ක් පමණ) පමණ වන බව සඳහන්ය

එමෙන්ම අයිසීසී වෙතින් ලැබෙන ආදායමෙන් කොටසක් ක්‍රීඩකයින්ගේ සමස්ත මාසික වේතනයට ඇතුළත් කිරීමට නියමිත අතර ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුව ද සැලකිය යුතු අන්දමින් ඉහළ නංවා ඇත. ඒ අනුව ටෙස්ට් තරග සඳහා 50% ක වැඩිවීමක් ද, එක්දින තරග සඳහා 25% ක වැඩි වීමක් ද, 20යි 20 තරග සදහා 12.5% ක වැඩි වීමක් ද සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment