පිහිනුම් වාර්තා බිහි වුවත් පදක්කම් නැහැ

164

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග කිහිපයකට ඊයේ සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා කිහිපයක් බිහි කිරීමට සමත් වූහ.

එහිදී මැතිව් අබේසිංහ මීටර් 50 සමනළ ආර පිහිනුම් ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මැතිව් එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 24.58කි.

මේ අතර පිහිනුම් ඉසව්වෙන් ගංගා සෙනෙවිරත්න කාන්තා මීටර් 100 පසුපස ආර මූලික වටයේ දෙවැනි තරගයට එක්වූ අතර, ඇය තරගය නිමා කිරීමට ගත කළ කාලය මිනිත්තු 1.07.21කි.

එහිදී ඇයට 06 වැනි ස්ථානය හිමි වූයේය.

මෙම තරගයේ සමස්ත ක්‍රීඩිකාවන් 27 දෙනා අතුරින් ඇයට හිමි වූයේ 20 වැනි ස්ථානයයි. චීනයේ හංජෝ නුවරදී ආසියානු තරගාවලිය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment