එංගලන්තයේ හා වේල්සයේ පාපන්දු තරගවලදී විනය විරෝධී වැඩ වැඩි වෙලා

125

එංගලන්තයේ හා වේල්සයේ පාපන්දු තරගවලදී විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් වන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව වසර නවයකට පසු ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම රටවල පාපන්දු බලධාරීහු පවසති.

වසර 2022-23 සමයේ පාපන්දු තරගවලදී විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 2264 ක් සිදුව ඇති අතර එම සංඛ්‍යාව 2013-14 කාලසීමාවට පසුව අත්අඩංගුවට පත් වූ වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව බව බලධාරීහු කියා සිටිති. මෙම 2022-23 සමයේ සිදුව ඇති අත්අඩංගුවට පත් වීම් සංඛ්‍යාව එයට පෙර සමයේ වාර්තා වූ අත්අඩංගුවට පත් වීම් සංඛ්‍යාවට වඩා 66 කින් වැඩි වී ඇතැයි වාර්තා වී තිබේ.

2022-23 කාලයේ සිදු වූ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වලින් 200ක් “ඒ” කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් බව පැවැසේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment