ශ්‍රී ලංකා පාසල් ජාතික දැල්පන්දු ශූරතාවලිය 18 වැනිදා සිට

85

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සම්මේලනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මයිලෝ කුසලාන ශ්‍රී ලංකා පසල් ජාතික දැල්පන්දු ශූරතාවලිය ලබන 18, 19 සහ 20 යන තෙදින පුරා ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලිය ලබන ඉරිදා (16 වැනිදා) ආරම්භ කිරීමට පළමුවෙන් තීරණය කර තිබුණද ඇති වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එය 18 දක්වා මෙලෙස කල් දමා තිබේ. 29 වැනි වරටත් ක්‍රියාත්මක වන මෙම ශූරතාවලිය සඳහා අඛණ්ඩව මෙවරත් නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකා පසල් ජාතික දැල්පන්දු ශූරතාවලිය 2019 වර්ෂයේ අවසන් වරට පැවැත්වූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පසුගිය වසර දෙක තුළ පැවැත්වීමට අවස්ථාව නොලැබිණි. මධ්‍යස්ථාන මට්ටමේ තරග මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන අතර, මෙවර ද තරගාවලිය වයස් සීමා 04 ක් යටතේ ් හා ඊ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පවත්වනු ලැබේ. සියලුම ක්‍රීඩිකාවන් තමන්ට නියමිත වයස් සීමාවල රැඳී සිටිය යුතු අතර වයස් ගණන් බලනු ලබන්නේ 2022.12.31 දිනට ය. ඒ අනුව,
් කාණ්ඩය වයතේ වයස අවුරුදු 13 න් පහළ – කණ්ඩායම් 06ක්, වයස අවුරුදු 15න් පහළ – කණ්ඩායම් 04ක්, වයස අවුරුදු 17න් පහළ – කණ්ඩායම් 04ක්, වයස අවුරුදු 19න් පහළ – කණ්ඩායම් 04ක් සහ ඊ කාණ්ඩය යටතේ වයස අවුරුදු 15න් පහළ – කණ්ඩායම් 02ක්, වයස අවුරුදු 17න් පහළ – කණ්ඩායම් 02ක්, වයස අවුරුදු 19න් පහළ – කණ්ඩායම් 02ක් අවසන් අදියරේ තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

කසුන් රණවීර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment