සිරකරුවන් 588 කට හා රැඳවියන් 31කට අද නිදහස

75

75 වැනි ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනකුට සහ රැඳවියන් 31 දෙනකුට ජනාධිපති සමාව ලබාදී තිබේ.

ඒ අනුව අද නිදහස්දා(04දා) ඔවුන් බන්ධනාගාරවලින් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ පුනරුත්ථාපනය වන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමාවක් ප්‍රදානය කර තිබේ.

මීට අමතරව බන්ධනාගාරවල යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සුදුසුකම් ලැබූ බන්ධනාගාර රැඳවියන් 31 ක් මෙලෙස අද දිනයේ නිදහස් කිරීමට නියමිතව ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment