දරු උපත් පහළට

1058

පළමු ශ්‍රේණියට ඇතුළත් වන ප්‍රමාණයත් පනස්දහසකින් අඩුවෙලා – අධ්‍යාපන ඇමැති

මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූදෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

දැන් අපේ රටේ උපත් ප්‍රමාණය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්‍ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10 කට පෙර දරුවන් තුන්ලක්‍ෂ හතළිස්දහසක් සෑම වසරකම පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment