ලක්‍ෂ 1100 ක් ගිල්ලත් වැඩේ බාලයි – මුන්දලම ප්‍රා. ලේකම් කාර්යාලයේ ගොඩනැඟිල්ල ගැන පරීක්‍ෂණයක්

129

රුපියල් ලක්‍ෂ 1100 ක මහජන මුදල් වැයකර පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකර තිබෙන දෙමහල් ගොඩනැඟිල්ල, ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවට නිරීක්‍ෂණයවීම නිසා වහාම ඒ ගැන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය.

2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට එහි වැඩ අවසන් කර තිබෙන බවත්, නොබෝ දිනකින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට පෙර තමා ඒ ගැන සොයා බැලීමට ගිය අවස්ථාවේ ගොඩනැඟිල්ල ප්‍රමිතියෙන් තොරව විවිධ අඩුපාඩු සහිතව ඉදිකර ඇති බව නිරීක්‍ෂණය වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment