ගාලු මුවදොර අරගලයට කතෝලික සභාවට දොස් කියන්න එපා – කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කියයි

150

පාස්කු ප්‍රහාරයේ සැබෑව ජාත්‍යන්තරයට කීවේ අපට සිදුවූ අසාධාරණය නිසයි

ගාලු මුවදොර අරගලයට කතෝලික සභාව සම්බන්ධ බවට චෝදනා කරන නමුත් එම අරගලයට සෙසු ආගමික නායකයෝ පවා එක්වූයේ යැයි කොළඹ අදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (21දා) පැවසීය.

පාස්කු ප්‍රහාරයට පස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේය.

එදා පැවති අරගලය සිදුවීමට විශේෂ හේතුවක් වූයේ රටේ ආර්ථික පරිහානිය නිසා යැයි කී කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවී නැතැයි ද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සැබෑ තත්ත්වය පාප් වහන්සේ ඇතුළු ජාත්‍යන්තරයට පැවසුවේ අපට සිදුවූ අසාධාරණය නිසා යැයිද කාදිනල්තුමා කීවේය.

මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය හෙළි කළ යුතුයි. මිනීමැරුම්, ලේ හැලීම්, අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලිය යුතුව යැයිද කාදිනල්තුමා පැවසූහ. ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපට පොරොන්දු වුණා මෙම සිද්ධියේ සුලමුල සොයා නිසි ආකාරයට වැරැදිකරුවන්ට දඬුවම් දෙනවා කියලා. ඒත් බලයට පැමිණියාට පසු ඔහු එය ප්‍රතික්ෂේප කළා.

එම සිද්ධිය පිළිබඳව විමර්ශන කළ පොලිස් නිලධාරීන් මාරු කළා. ඔවුන්ට හිතවත් උදවිය පත්කෙරුවා. අද මොකද වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවත් මෙය අතපසුකෙරුවා. එදා නීතිපතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව පරීක්‍ෂණ සිදුකළා ද කියා විමසනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment