අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කිරීම දේශපාලන ඇඟිලි ගැසීමක්

101

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ක්‍රීඩා ඇමැතිතුමා අතුරු පාලක මණ්ඩලය පත් කරාම එදාම හවස කැබිනට් මණ්ඩලය එකතුවෙලා අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කරා. දේශපාලන ඇඟිලි ගැසීම් කියන්නේ මෙන්න මේකටයි යනුවෙන් විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එසේ කී විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කියා සිටියේය.

කවුරුත් අහනවා දැන් අපි කොහොමද ගොඩ එන්නෙ කියලා. මේකට කලබල වෙන්න දෙයක් නෑ.පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතුවෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මන්ඩලයේ නිලධාරීන් ඉල්ලා අස්විය යුතුයි කියලා යෝජනාවක් සම්මත කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡා වෙලා තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සඳහා රජයේ බලපෑම් තියෙනවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම් අවස්ථාවලදී රජය විසින් බලපෑම් කරනවා කියලා සාකච්ඡා වෙලා තියෙනවා. මේ සියල්ල පදනම් කරගෙන තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ තීරණය අරන් තියෙන්නේ. රට පාවා දීමේ කටයුත්ත කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන්. ඔවුන් කිව්වේ ශ්‍රීලංකා ක්‍රිකට්පාලක මණ්ඩලය තහනම් කරනවා නම් ශ්‍රී ලංකාවටක්‍රිකට් තහනමක් දාන්න කියලා.

වැදගත්ම කාරණය තමයි අතුරු කමිටුව තිබ්බ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ ක්‍රිකට් තහනම එන්නෙ නෑ.පකිස්තානය, දකුණු අප්‍රිකාව යන රටවල දැනටමත් තියෙන්නේ ක්‍රිකට් අතුරු පාලක කමිටුවක්. රටවල් දෙකකට මේ අය අවසර දීලා තියෙන නිසා ක්‍රිකට් කවුන්සිලයට බෑ අපේ රටේ ක්‍රිකට් විතරක් අහෝසි කරන්න. අතුරු පාලක මණ්ඩලයත් තහනම් වෙන තත්ත්වයකට පත්වුන නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන කොට බලයේ හිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්. ඒ අය තමයි මේකට වගකියන්න ඕන. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තිබ්බ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් වෙන්නේ නෑ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඇඟිල්ල දික් කරලා තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයට කටයුතු කරගෙන යන්න බැරි වුණා කියලයි කියන්නේ.

ක්‍රීඩා ඇමැතිතුමා අතුරු පාලක මණ්ඩලය පත් කරාම එදාම හවස කැබිනට් මණ්ඩලය එකතුවෙලා අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කරා. දේශපාලන ඇඟිලි ගැසීම් කියන්නේ මෙන්න මේකටයි. මේ ආකාරයට තමයි රජය ක්‍රිකට් විනාශ කරන්න කටයුතු කරලා තියෙන්නේ. අවසානයේ රජය රටේ ආර්ථිකය විනාශ කරා වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි කවුරුත් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාවත් විනාශ කරා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment