ආයුර්වේද පනත් කෙටුම්පත ගැන විභාගය නිමවෙයි

110

පසුගිය 5 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විභාගය ඊයේ (27දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යවන බව නිවේදනය කළේය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේදී එම විභාගය සිවුවන දිනටත් පැවැත්විණි. ඊයේ (27දා) පස්වරු 3.00 ට පෙර ලිඛිත විරෝධතා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්ව වලට නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment