වෙඩි වැදුණු අග්බෝ ඇතාගේ වම් පාදයේ අස්ථි බිඳී විශාල ආසාදනයක් සිදුවෙලා – පශු වෛද්‍ය තාරක ප්‍රසාද්

523

මාසයකට අධික කාලයක් දැඩි අසනීප තත්ත්වයේ සිටින අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදයේ අස්ථි බිඳීම හා පාදය තුළ ඇති මූනිස්සම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ එක්ස්රේ කිරණ පරීක්ෂණයක් සිදුකළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.

පෙරේදා (26 දා) අග්බෝ ඇතාගේ පාදය සම්පූර්ණ ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ බවත්, එහිදී ඇතාගේ මැණික් කටුව ප්‍රදේශයේ අස්ථි බිඳීමක් හා විශාල වශයෙන් ආසාදනය වීමක් සිදුව ඇති බවත් පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.

වෙඩි වැදුණු අග්බෝ ඇතාගේ වම් පාදයේ අස්ථි බිඳී විශාල ආසාදනයක් සිදුවෙලා - පශු වෛද්‍ය තාරක ප්‍රසාද්

ඒ මහතා මේ බව කියා සිටියේ අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෙරේදා තිරප්පනේ වනජීවී කලාපයට අයත් කූරටියාව රක්ෂිතයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

අග්බෝ ඇතාට මේ වන විට විශාල ප්‍රතිජීවක ප්‍රමාණයක් ශරීරගත කර ඇති බවත්, වනජීවී නිලධාරීන් ඇතාට අවශ්‍ය ප්‍රතිකාර හා ආහාර ද ලබාදෙමින් සිටින අතර මේ වන විට ඇතා සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විසින් ඇතාට අවශ්‍ය ආහාර ලබාදීමට එම සභාපතිවරයා කටයුතු කළ අතර ඇතා සුව වන තෙක් ආහාර ලබාදීමටද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එකඟතාවය පළකර සිටියහ.

වෙඩි වැදුණු අග්බෝ ඇතාගේ වම් පාදයේ අස්ථි බිඳී විශාල ආසාදනයක් සිදුවෙලා - පශු වෛද්‍ය තාරක ප්‍රසාද්

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment