යතුරුපැදිවලින් හඹා ආ තරුණ පිරිසක් කිළිනොච්චිය යුද හමුදා කඳවුරේ ජීප් රියකට පහරදීලා – තිදෙනෙක් අත්අඩංගුවට

175

කිළිනොච්චිය ආනෙයිවිලු‍න්දකුලම් යුද හමුදා කඳවුරේ ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ තරුණයින් තුන් දෙනෙකු අක්කරයන්කුලම් පොලීසිය විසින් 12 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා කණ්ඩායමක් ගමන් කරමින් සිටි එම ජීප් රථයට යතුරු පැදිවලින් හඹා ආ තරුණයින් පිරිසක් ගල්වලින් පහර දී පලා ගොස් තිබේ. මේ ප්‍රහාරවලින් හමුදා සාමාජිකයින්ට කිසිඳු හානියක් සිදු වී නොමැති අතර ජීප් රථයට සුළු හානි සිදුව තිබේ. මේ පිළිබඳ කිළිනොච්චිය ආනෙයිවිලු‍න්දකුලම් යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා අක්කරයන්කුලම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව පොලිසිය කළ විමර්ශනයකින් පසුව ජීප් රථයට පහර දුන් තරුණයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඔවුන් සියලු දෙනාම සාදයකට ගොස් අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවත් සිදු වූ කිස`ිදු දෙයක් ඔවුන්ට මතක නැති බවත්ය. සැකකරුවන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment