ජනක රත්නායකගේ නඩුවේ වාචික දේශන 6 වැනිදා

70

සිය අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා විසින් ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වාචික දේශන ලබන මස 6 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) දින නියම කළේය.

එම නඩුව ඊයේ (2) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ජනක රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ජනක රත්නායක මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය අප්‍රේල් 4 වැනිදා කොන්දේසි සහිත ආඥාවක් සැකකාර පාර්ශ්වයට නිකුත් කර තිබිණි. ජනක රත්නායක මහතාගේ පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ගයාත්‍රි බිම්බා, ඇගේ සැමියා වන ජනක රාජපක්ෂ, ඕසළ ලක්මාල් හේරත්, යසලාල් පෙරේරා, කවිෂ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර ඇතුළු අටදෙනකුට එකී ආඥාව නිකුත් කර තිබිණි. මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කළ 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවේද ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ ගොනු කළ පළමු නඩුව වන එම පැමිණිල්ල ලබන ජුනි 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment