බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?

330

AVATAR (අවතාර්/ඇවටර්) පළමු චිත්‍රපටය 2009 වසරේදී ප්‍රදර්ශනය වීමෙන් පසුව එය නැරඹූ ඇතැම් ප්‍රේක්ෂකයන් අතර කිසියම් විෂාධිමය තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වෙනවා- ඒකට කියන්නෙ post-Avatar depression syndrome-PADS (පශ්චාත් ඇවටර් විෂාධි සින්ඩ්‍රෝමය) කියල- මේකට හේතුවුණේ චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මාණය කළ මනස්කාන්ත, පරමාදර්ශී ස්වභාවික ලෝකය විසින් නරඹන්නන් තුළ ඇති කළ බලපෑමය- තමන් ජීවත්වන මේ විඩාබර, අප්‍රසන්න, අධිකාර්මික වටපිටාව ඇතුලෙ චිත්‍රපටය තුළ පෙන්වන අයස්කාන්ත, නොකිලිටි, ස්වභාවික පරිසරය විසින් ප්‍රේක්ෂකයාට කිසියම් ආතතියක් ඇති කරවනවා- අප කිසිවෙකුට එවැනි උතෝපියානු, ස්වභාවික පාරාදීසයක් මේ ලෝකයේදී තවදුරටත් සැබෑවටම අත්විඳින්න ලැබෙන්නෙ නැහැ- එය අපෙන් ගිලිහී ගිහින්- නැතිනම් එය අප, අප විසින්ම විනාශ කරගෙන- ඉන් අප තුළ අපේක්ෂාභංගත්වයක්, වරදිකාරි හැඟීමක් ඇති කරනවා- වෙන විදිහකට කීවොත් චිත්‍රපටයක් යනු එතරම්ම බලපෑම් සහගත දෙයකි-

බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?

ලෝක සිනමාව තුළ අධ්‍යක්ෂක ජෙම්ස් කැමරන්ගේ විශේෂත්වයද එයයි-

පළමු චිත්‍රපටයෙන් දහතුන් වසරකට පසුව දැන් තිරගත වන Avatar-The way of water චිත්‍රපටය හරහාද ඔහු එවැනි අත්හදා බැලීමක් සිදු කරනවා- ඇවටර් පළමු චිත්‍රපටයෙන් ඒවන විට ඉහළම සිනමා සජීවිකරණ තාක්ෂණයක් ඔහු හඳුන්වා දෙනවා- මෙම දෙවන චිත්‍රපටයේදී ලොව පළමු ත්‍රිමාණ සජීවිකරණ දිය යට රූගත කිරීම(under water shooting) ක් සිදුකරන්න ඔහු සමත් වෙනවා- මේ සඳහා ජල ගැලුම් 900,000ක ධාරිතාවයක ජල ටැංකියක් ඉදිකිරීමට සිදුවූ බව වාර්තා වෙනවා- චිත්‍රපටය තුළ සැලකිය යුතු කාලයක් දිය යට සිදුවන සිදුවීම් සඳහා වෙන්වෙනවා- මෙම දිය යටදී ලැබෙන අත්දැකීම (under water experience) ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණය මගින් ප්‍රේක්ෂකයාට වඩාත් හොඳින්, තත්‍යසම ආකාරයෙන් ලබාදීම චිත්‍රපටයේ එක් අරමුණක්- Avatar- 01 චිත්‍රපටයෙන් අප ස්වභාවික පරිසර හා වනාන්තර ගැන හැඟීමක් ඇතිකර ගන්නවා- Avatar-The way of water චිත්‍රපටයෙන් අප දකින්නෙ නොකිලිටි, ස්වභාවික සාගරයන්ගේ පාරාදීසයකි- වර්තමානයේ ශීඝ්‍රයෙන් ඉහළ යන සාගර හා ජල දූෂණය ගැන අප තුළ හැඟීමක් ඇති කිරීමට එය සමත්වනු ඇතැයි ද ගාර්ඩියන්හි (The Gardian) සඳහන් කරනවා-

බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?

මෙය අපට තවත් කියවීමකට දොරක් විවර කරදෙනවා-

සාමාන්‍යයෙන් ජෙම්ස් කැමරන් යනු දැවැන්ත වාණිජ සිනමා අධ්‍යක්ෂකවරයෙකි- එවැන්නෙකුට චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය සහ එහි ආදායම යනු ඒ හා සමානම අභියෝගයන්ය- මෙතෙක් ලොව වැඩිම පිරිවැයක් සහිත චිත්‍රපට අතර Avatar-The way of water චිත්‍රපටය 06 වැනි
ස්ථානයේ පසුවෙයි- එහි නිෂ්පාදන පිරිවැය ඇ-ඩො- මිලියන 350කට අධිකය- තිරගත වීමෙන් දින 05ක් ඇතුළත පසුගිය 19 වැනිදාට වන විට එහි ආදායම ඇ-ඩො- මිලියන 450 ඉක්මවා යෑමට එය සමත්විය- දැනට එය 2022 වසරේදී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර 10 වන ස්ථානයේ පසුවෙනවා- සඳහන් වන ආකාරයට කැමරන් ගේ අපේක්ෂාව වන්නේ ඇ-ඩො- බිලියන 02 ඉලක්කයක් කරා ගමන් කිරීමය- මෙම ඉලක්කය හා අපේ රටේ වත්මන් ණය අර්බුදය ගැන ඔබ නිකමට හිතල බලන්න- එය වෙනම කතාවකි- මෙතරම් ඉහළ වාණිජ සිනමා ධාරිතාවයක් සහිත චිත්‍රපටකරුවකු ලෙස කැමරන් Marvel,DC වැනි චිත්‍රපට හා එම අධ්‍යක්ෂකවරුන්ගෙන් වෙනස් වන්නේ කෙසේද—-? බැට්මෑන් හෝ සුපර්මෑන් චිත්‍රපටයක් මෙන් ඇවටර් චිත්‍රපටය වාණිජමය සැණකිළියක් නොවන්නේ ඇයි——?

බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?
බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?

බොහෝවිට බැට්මෑන්, සුපර්මෑන් වැනි චිත්‍රපට ඉලක්ක කරන්නේ ළමා හා යොවුන්වියේ පිරිසය- එසේම ඒවා මුළුමනින්ම වාගේ අතත්‍ය පරිකල්පනාවන්ය- සරලවම කොමික් කතන්දරය- මේනිසා ඒවා ජනප්‍රිය කරවීම සඳහා අමතර වාණිජමය වටිනාකම් නිර්මාණය කිරීමට සිදුවන අතර අවසානයේ එය දැවන්ත වාණිජ සැණකෙළියක් බවට පත්වීම නොවැළැක්විය හැකිය- නමුත් Avatar-The way of water යනු හුදෙක් එවැනි වාණිජමය සැණකෙළියක් නොවන්නේ එය සිනමා මාධ්‍යයට ලබාදෙන දායකත්වය හේතුවෙනි- වාණිජ චිත්‍රපටයක් වුවද ඊට යම් කලාත්මක ධාරිතාවයක් හා සමාජ වටිනාකමක් ලබාදීමට කැමරන් සමත් වෙනවා- ඔබට මතක නම් Avatar පළමු චිත්‍රපටය ආරම්භ වන්නේ මුහුණු ආවරණ (face mask) පැළඳ පාර මාරුවන මිනිසුන් පිරිසකගෙනි- එය තිරගතවී දශකයක් ගෙවෙන විට අද අප එය එලෙසම අත්විඳිමින් සිටිමු- එසේම මෙම චිත්‍රපට දෙකෙන්ම අධි කාර්මික, තාක්ෂණික සංවර්ධනය ගැන සැක සහිත අවිනිශ්චිතතාවයකට අපව තල්ලු කරන්න සමත් වෙනව- එය අප ගේ විනාශයද කියා අපව ප්‍රශ්න කරවීමට සමත් වෙනව- මෙය පෙරකී වාණිජ චිත්‍රපට තුළින් අපට බලාපොරොත්තු වෙන්න බැරිදෙයක්- ඒනිසාම කැමරන් ගේ චිත්‍රපට ළමුන්ට යොවුන්වියට මෙන්ම වැඩිහිටියන්ටද රසවිඳින්න පුළුවන් නිර්මාණ බවට පත්වෙනවා-

බැට් මෑන් සුපර් මෑන් වගේ ඇවටර් හිට් නොවුණේ ඇයි ?

ඒවගේම වෙන කිසිදු චිත්‍රපටයකට වඩා තාක්ෂණික සිනමාත්මක අත්දැකීමක් බවට පත්වෙනව- ඉතින් වෙනත් කිසිදු බාහිර වාණිජමය ආටෝපයන් රහිතව වුණත් ඒව අපේ මතකයේ රැඳෙනවා.Avatar-The way of water කියන්නෙත් මිනිසාගේ පරිකල්පනයේ අසීමාන්තිකභවේ චමත්කාරයෙන් ඔබව විශ්මයට පත්කරන චිත්‍රපටයක් වෙනවා.

දර්ශන විද්‍යා අරවින්ද

advertistmentadvertistment
advertistmentadvertistment