ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

1687

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අද (31 දා) අභියාචනාධිකරණය නිකුත් කිරීමට නියමිතය.

බි්‍රතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් එම නඩුව පවරා තිබිණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ඒ.ආර්. මරික්කාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් විභාගය පැවැත්වීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා තීන්දුව නිකුත් කිරීමට දින නියම කර තිබිණි. කෙසේ නමුත් එකී තීන්දුව නිකුත් කිරීම අද (31 දා) දක්වා කල්තැබීමට එදින නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නැවත දින නියම කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment