නියාමකවරු නැතිව ඊයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

65

කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (30දා) දිනයේදී ධාවනය අවලංගු වී තිබේ.

දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම මත ඊයේ දිනය තුළ උදේ සහ දහවල් සහ සවස ධාවනය වන දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

පසුගිය මාස කිහිපය තුළම, මාසයේ අවසාන සතියේ මෙසේ දුම්රිය අවලංගු වීම නොකඩා සිදුවෙමින් පවතී. දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සඳහා වාර්තා නොකොට ලෙඩ නිවාඩු වාර්තා කරනු ලබන අතර, මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම මෙසේ දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්ව තිබේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment