නිල නිවේදනය එනතුරු නිහඬ පොහොට්ටුව ගෙන්ගෙට යයි

93

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළව නිල නිවේදනයක් නිකුත් කරනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීමට එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය තීරණය කර ඇත.

එම මණ්ඩලය රැස්වී මැයි දින රැලිය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, මැයි දින රැලියෙන් අනතුරුව ආසන මට්ටමින් සම්මේලන පැවැත්වීමට ද තීරණය කර ඇත.

පසුගිය 09 දා හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී එම රැස්වීම පවත්වා ඇත. එහිදී ගෙයින්ගෙට ගොස් ජනතාව සමඟ සාකච්ඡා කරමින් ඉදිරි කටයුතු සංවිධානය කිරීමට ද ආසන කැඳවුම්කරුවන් ආසන සංවිධායකයන් ලෙස පත්කිරීමට ද පක්ෂයේ විනය කමිටුවට බලය පවරා, එම කමිටුව ව්‍යවස්ථානුකූලව බාලත්මක කිරීමට ද පක්ෂය සඳහා කාන්තා දිස්ත්‍රික් සංවිධායකවරියන් පත්කිරීමට ද තිරණය කර ඇත.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment