රටවිරුවන්ගේ මුදල් හරි පාරට ගැනීම

2389

එක ඩොලරයක් වෙනුවෙන් රු. 210 කට වඩා වැඩි එනම් රු.240 ක් පමණ මුදලක් ලබාදෙන හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රම වෙනුවෙන් අපේ විදෙස්ගත ශ‍්‍රමිකයෝ පෙරට වඩා වැඩි යොමු වීමක් ද අපට දකින්නට ඇත. සාමාන්‍යයෙන් මුදල් මාරු කිරීමේ දී වැඩි අනුපාතයක් දෙන තැනට ඕනෑම කෙනෙක් යොමු වීම සාමාන්‍ය පෘතග්ජන ස්වභාවකි. එහෙත් දැන් දැන් එසේ අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමෙන් නොයෙකුත් ගැටලූ, ප‍්‍රශ්න ඇතිවෙන බව පැවසෙන නිසාත් නිල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමෙන් තමා උපයන ඩොලරයට නිසි වටිනාකමක් නොලැබෙන නිසාත් ඇතැම් විදෙස්ගත ශ‍්‍රමිකයෝ නිල මාර්ගයෙන් හෝ නිල නොවන මාර්ගයෙන් යන ක‍්‍රම දෙකටම මෙරටට විදෙස් මුදල් එවීමෙන් මේ අවස්ථාවේ තාවකාලිකව වැළකී සිටින බවට ද ආරංචි තිබේ.

 අපේ රට සැලකිය යුතු කාලයක් තිස්සේ බලවත් විදේශ මුදල් ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් සිටී. මේ සඳහා පසුගිය රජයන් නිසි පිළියම් නොයෙදීම නිසාත් පාස්කු ප‍්‍රහාරය සහ මුළු ලෝකයටම බලපාන ලද කොවිඞ් වසංගත තත්ත්වය නිසාත් මේ විනිමය ප‍්‍රශ්නය වඩාත් උග‍්‍ර තත්ත්වයට පත්ව ඇත. එසේම කිසියම් මට්ටමකට මේ වන විට කොවිඞ් වසංගතය සමනය වී ඇත. එහෙත් එහි නව ප‍්‍රභේදවල හිස එසවීම පිළිබඳ ආරංචි ද ලැබෙමින් තිබේ. එහෙත් කොරෝනා වසංගතයට යළි හිස එසවීමට නොදී බූස්ටර් මාත‍්‍රාව ද ලබාගෙන හැකිතාක් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරමින් අපේ ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට උත්සාහ ගත යුතුව ඇත. අප මේ ලිපියෙන් වඩාත්ම අවධානය යොමු කරන්නේ විදෙස්ගත රැුකියා කරන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අපට ලැබෙන මුදල් හෙවත් විදේශ විනිමය පේ‍්‍රෂණ ගැනය.

 රටට එන විදේශ විනිමය ලැබීම් ගැන විවිධ අය විවිධ අදහස් පළ කරමින් තිබේ. මේ අතරින් අපට විදේශ මුදල් ගලා එන එක් ප‍්‍රධාන මාර්ගයක් වන්නේ විදේශ විනිමය පේ‍්‍රෂණයි. මේ විදේශගත සේවකයන් එවන මුදල් පසුගිය කාලයේ රටට ලැබීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ද වාර්තා විය. මේ බව පසුගිය කාලයේ මහ බැංකුව ද ප‍්‍රකාශ කළ බව අපට මතකය. එසේම එම තත්ත්වය වැළැක්වීමට නොයෙකුත් පියවර ද ගෙන තිබේ. එම පියවරයන් ගැන ද නොයෙකුත් අදහස් සහ විවේචන පළ වෙමින් තිබේ. එම පියවරයන්ගේ අප දකින අඩුපාඩු ගැන මෙන්ම මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ‍්‍රමිකයන් අපට දැක් වූ අදහස් ද අප මීට පෙරත් සාකච්ඡුා කර තිබේ. කෙසේ හෝ මහ බැංකුව තම මතයේ දැඩිව සිටිමින් කටයුතු කරනු පෙනේ. මේ නිසාම ඇතැම් අය රටට එවමින් තිබූ විදේශ විනිමය පවා එවීම තාවකාලිකව නතර කළ බවට ද ඇතැම් විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් අපට දැනගන්නට ඇත. ඒ අය සතු විදේශ විනිමය ද අපට මේ මොහොතේ ඉතා වටිනා නිසා ඔවුන් කියන දෙයට ද රජය සහ මහ බැංකුව සවන් දිය යුතු බව අපගේ අදහස වේ.

 විදේශ රටවල සේවය සඳහා ගිය ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනා එදිනෙදා තම පවුලේ වියදම සඳහා තමා විදේශයක සේවය කිරීමෙන් උපයා ගනු ලබන මුදල්වලින් කොටසක් මව් රටට එවනු ලබයි. ඒ තම පවුලේ අය වෙනුවෙනි. මහ බැංකුව පවසන පරිදි මෙහිදී බොහෝ දෙනා අනුගමනය කරනු ලබන්නේ විධිමත් ලෙස ක‍්‍රියාත්මක වන බැංකු පද්ධතියයි. ශ‍්‍රී ලංකාවෙන් පිටව යෑමට පෙර හෝ පිටව ගිය පසු ඒ ඒ රටවලදී හෝ ශ‍්‍රී ලාංකික බැංකු ඒජන්තවරු හරහා මෙම මුදල් එවීමට අවශ්‍ය ගිණුම් විවෘත කරවාගත හැක. ඒ පහසුකම් තවත් වැඩි කර දීමට සහ පහසු කිරීමට ද මහ බැංකුව පියවර ගෙන ඇති බව අපට දැනගන්නට ඇත.

 මේ අතර මෑත කාලීනව ශ‍්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ශ‍්‍රී ලංකාව තුළ ඉහළ යාමත් සමගම එසේ එවනු ලබන මුදල්වලට ඉහළ අගයක් (දැනට එක් ඩොලරයකට රු.10 ක දිරි දීමනාවක් සහ වෙනත් ප‍්‍රතිලාභ ද ලබා දේ.( බැංකු පද්ධතිය තුළින් ලැබීම නිසා බොහෝ දෙනා වැඩි වැඩියෙන් මුදල් එවීමට උත්සුක වී තිබේ. මේ නිසා ශ‍්‍රී ලාංකික ජනතාවට එම විදේශ විනිමය පේ‍්‍රෂණ හරහා වැඩි වාසි සහගත තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එහෙත් මේ සමගම අවිධිමත් වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවන අගය ද රු. 240 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා එක ඩොලරයක් වෙනුවෙන් රු. 210 කට වඩා වැඩි එනම් රු.240 ක් පමණ මුදලක් ලබාදෙන හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රම වෙනුවෙන් අපේ විදෙස්ගත ශ‍්‍රමිකයෝ පෙරට වඩා වැඩි යොමු වීමක් ද අපට දකින්නට ඇත. සාමාන්‍යයෙන් මුදල් මාරු කිරීමේ දී වැඩි අනුපාතයක් දෙන තැනට ඕනෑම කෙනෙක් යොමු වීම සාමාන්‍ය පෘතග්ජන ස්වභාවකි. එහෙත් දැන් දැන් එසේ අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමෙන් නොයෙකුත් ගැටලූ, ප‍්‍රශ්න ඇතිවෙන බව පැවසෙන නිසාත් නිල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමෙන් තමා උපයන ඩොලරයට නිසි වටිනාකමක් නොලැබෙන නිසාත් ඇතැම් විදෙස්ගත ශ‍්‍රමිකයෝ නිල මාර්ගයෙන් හෝ නිල නොවන මාර්ගයෙන් යන ක‍්‍රම දෙකටම මෙරටට විදෙස් මුදල් එවීමෙන් මේ අවස්ථාවේ තාවකාලිකව වැළකී සිටින බවට ද ආරංචි තිබේ. ඒ නිසා අපේ බලධාරීන් මෙරටට නිල මාර්ගවලින් එවන විදේශ විනිමය ප‍්‍රමාණය වැඩි කිරීමට ගන්නා ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ඇතැම් විට අපට ලැබෙමින් තිබූ විදේශ විනිමය ප‍්‍රමාණය පවා තවත් අඩු වීමට හේතු වී ඇති බවට ද තොරතුරු තිබේ. කෙසේ හෝ හැම විටම වැඩි වාසිය පසුපස යාම සුදුසු තත්ත්වයක් ද නොවේ. අනිත් අතට නිල මාර්ග ඔස්සේ මුදල් එවීමේ දී ඔවුන් උපයන මුදලට නිසි වටිනාකමක් නොලැබෙන බව විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ පැත්තෙන් අපට අසන්නට ලැබෙන චෝදනාවයි.

 මේ පසුබිම තුළ මහ බැංකුව සහ රජය විසින් එක් ඩොලරයකට රු. 10 ක් වැඩිපුර ගෙවනු ලැබුවත් ඊට අමතරව තවත් දිරි ගැන්වීම් ලබා දෙන බව කීවත් මෙම විදේශ මුදල් එවීම් සඳහා නොයෙකුත් තැරැුව්කරුවන් එකතු වී විවිධ උපක‍්‍රම යොදා එම විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් ආකර්ෂණය කර ගැනීමට ක‍්‍රියාත්මක වී ඇත. මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මෙම අලෙවි නියෝජිතයන් නා නා විධ වෙළඳ උපක‍්‍රම යොදා මෙම මුදල් ඔවුන්ගේ අතට ගැනීමට

 තැරැුව්කරුවන්ගේ ජාලයන් ක‍්‍රියාත්මක කරවීම ආරම්භ කර ඇති බවයි. බොහෝ දෙනා දුර දිග නොබලා මෙම ජාල හරහා තම ආදරණීයන් වෙත මුදල් එවීමෙන් මෙම ජාවාරම්කරුවන්ට හසුවී ඇති බව සහ මේ නිසා දුක්මහන්සියෙන් ඔවුන් ඉපැයූ මුදල් හා තම වත්කම් අහිමි වී ගොස් ඇති වාර ගණන බොහොමයක් වන බව ද මහ බැංකුවේ එම ආරංචි මාර්ගවලින්ම අපට දැනගන්නට ඇත.

 අවිධිමත් මාර්ගවලින් මුදල් පේ‍්‍රෂණය කිරීම ගැන ශ‍්‍රී ලංකාව තුළ බැංකු අධීක්ෂණය කරනු ලබන මහ බැංකුවට මේ පිළිබඳව දිගින් දිගටම පැමිණිලි ලැබීමත්, ශ‍්‍රී ලංකාවට අහිමි වී යන පේ‍්‍රෂණ මුදල් ප‍්‍රමාණය නිසාත් මහ බැංකුව මේ පිළිබඳව වැඩි වැඩියෙන් සොයා බැලීම් කිරීම ආරම්භ කර ඇත. විධිමත් නොවන විකල්ප මුදල් හුවමාරු ක‍්‍රම භාවිතා කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන විදේශ ශ‍්‍රමිකයන්ගේ මුදල් ලබන පවුලේ අය ඇතැම් විට මේ සඳහා රුපියල් සපයන ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් විය හැකි බව ද පැවසේ. මහ බැංකු ආරංචිමාර්ග අනුව මෙසේ අවිධිමත් ක‍්‍රම හරහා එවනු ලැබූ මුදල් පසුගිය මාසයට පමණක් රුපියල් මිලියන 15කට වැඩි ප‍්‍රමාණයක් අත්හිටුවා ඇති බව ද පැවසේ. මේ ආකාරයට මුදල් එවීමෙන් එම විදෙස්ගත ශ‍්‍රමිකයන් නොදැනුවත්ම මුදල් විශුද්ධීකරණ ක‍්‍රියාවලියක කොටස්කරුවන් වනු ඇති බවත් මේ නිසා ඔවුන් යම් වැරදි ක‍්‍රියාවකට සම්බන්ධ වී ඇති බවට හංවඩු ගැසීමටත් ඔවුන් නීතියේ ඉදිරියට යොමු වීමටත් ඉඩ ඇති බව ද තවදුරටත් දැනගන්නට ඇත. මේ නිසා මේ ගැන ද විදෙස්ගත ශ‍්‍රමික ප‍්‍රජාව අවධානය යොමු කිරීම වටී. එය ඇතැම් විට අනවශ්‍ය ප‍්‍රශ්නවලට මුහුණ නොදී සිටීමට හේතුවක් වනු ඇත.

 මේවන විටත් මෙම අවිධිමත් මුදල් හුවමාරු ජාලයන් මෙහෙයවන පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් බොහොමයක් කොළඹ, හෙට්ටිවීදිය, වේල්ල වීදිය, දෙහිවල, බම්බලපිටිය, වැල්ලවත්ත වැනි ජනාකීර්ණ නගරවල මුදල් හුවමාරු කරන්නන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ලෙස කටයුතු කරමින් සිටින බවත් මහ බැංකු ආරංචිමාර්ගවලින් දැනගන්නට තිබේ.

 මොවුන් බොහොමයක් නීත්‍යානුකූල නොවන කටයුතු සඳහා මුදල් එක්රැුස් කරන්නන් වන අතර ඔවුන්ට විදේශයන්හිදී මුදල් ලබාදීම සිදු වුවහොත් එම මුදල් පිළිබඳ අයිතිය ඔබට ඇතැම් විට නොලැබී යාමට ද ඉඩ තිබේ. මේ නිසා වනු ඇත්තේ ශ‍්‍රී ලංකාවට එම මුදල් නොලැබීයාම සහ එම ශ‍්‍රමිකයන්ගේ පවුල්වල අයට නොයෙකුත් නීතිමය අපහසුතාවලට ද මුහුණ දීමට සිදුවීමයි. එවැන්නක් සිදු විය දෙයක් නොවන බව අපගේ අදහසයි. දැනටමත් මේ නිසා නීතිය හමුවට ඇති පුද්ගලයන් සංඛ්‍යාව සියයකට වඩා අධික බව සහ මෙම කණ්ඩායම අතර මෙම මුදල් ගනුදෙනුවල යෙදුණු විවිධ පෙළේ පුද්ගලයන් සිටින බව ද වාර්තා වේ.

 මහ බැංකු ආරංචිමාර්ගවලින් පැවසෙන පරිදි අන්තර්ජාලයේ සහ සමාජජාලා මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් විදේශගත ශ‍්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීම සිදුකර ගෙන යයි. මෙම විදේශ මුදල් ගනුදෙනුකරුවන් විදේශවල සිටින තම ජාලයේ අය ලවා ශ‍්‍රී ලංකාවේ සිටින අය පිළිබඳව තොරතුරු සොයා ගෙන ඔවුන්ව තම ගනුදෙනු ක‍්‍රියා සඳහා යොමු කරවා ගනී. නිතර නිතර විදේශගත වෙමින් භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් කරනු ලබන මෙම අවිධිමත් විදේශ මුදල් ගනුදෙනු බොහෝ දුරට දැන් එළිවෙමින් පවතින බවත් මේ නිසා මෙම ක‍්‍රියා මාර්ග ඔස්සේ මුදල් එවූ අයට මෙම වැරදි ක‍්‍රියාවල කොටස්කරුවන් වී නීතිය හමුවට යාමට සිදුවනු බවත් පැවසේ.

 අපට ලැබෙන ආරංචි අනුව කොළඹින් පිට පළාත්වලද මෙම ක‍්‍රියාවලිය සිදුවන බව හඳුනාගෙන ඇත. මේ නිසා මීගමුව, වෙන්නප්පුව, හලාවත, බේරුවල, කළුතර, ගාල්ල වැනි ප‍්‍රදේශත්, කාත්තන්කුඩි, අම්පාර, යාපනය, මඩකලපුව, මාතලේ හා මහනුවර වැනි ප‍්‍රදේශවලිනුත් මෙම නීතිවිරෝධී ගනුදෙනු කරන අය හමුවී ඇතැයි ද මහ බැංකු ආරංචිමාර්ග කියයි. තවද මොවුන් ලවා මුදල් ලබා ගත් මේ ගැන කිසිත් නොදන්නා අහිංසක පුද්ගලයන්ට ද ඇතැම් විට කටඋත්තර ලබාදීමට නිතර පොලිසි, උසාවි ගාණේ රස්තියාදු වීමට සිදුවී ඇත. මෙවැනි මුදල් ලැබීම් අත්හිටුවා තිබීම නිසා එම පවුල්වල අයගේ එදිනෙදා වියදම් දැරීම පවා අපහසු තත්ත්වයකට පත් වී ඇත. අපට මහ බැංකුවේ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත්තේ මේ වන විට මෙම ගනුදෙනුවලට සම්බන්ධ වූ ගිණුම් පන්සියයකට වඩා ප‍්‍රමාණයක් මුදල් විශුද්ධිකරණ වරද යටතේ අත්හිටුවා ඇති බවයි. එසේම මේ නිසා රුපියල් මිලියන 230 කට වඩා මුදල් ප‍්‍රමාණයක් අක‍්‍රීය කර ඇති බව ද දැනගන්නට තිබේ. මේ පසුබිම තුළ මහ බැංකුව හැම විටම විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කියන්නේ ඔවුන් දුක් මහන්සියෙන් උපයාගනු ලබන විදේශ මුදල් සෑම විටම බැංකු පද්ධතිය ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක‍්‍රමවේදයක් ඔස්සේ මෙරටට එවීමට වග බලා ගන්නා ලෙසයි. එසේම විදේශ රටවල ඉගෙන ගන්නා ¥දරුවන් සඳහා මෙරටින් මුදල් පිටරටවලට යැවීමේදී ද මේ ආකාරයටම විධිමත් බැංකු ක‍්‍රමය තුළින්ම යැවීමට කටයුතු කරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටී. එහෙත් විදේශ විනිමය හිඟය නිසා, ඒ සඳහා බැංකුවලින් විදේශ මුදල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබේ. ඒ සඳහා ඇති පිළියම කුමක් ද? මේ සඳහා බොහෝ දෙමව්පියන් වෙහෙස වනු දැකගත හැකිය. කෙසේ වෙතත් මේ පසුබිම තුළ ඇතැම් විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට මුදල් තාවකාලිකව හෝ නොඑවාම සිටින්නේ නම් ඒ සඳහා ගන්නා පියවර කුමක් ද යන්නත් අපේ බලධාරීන් කල්පනා කළ යුතු වේ.

 මේ වන විට සංචාරක පැමිණීම් වාර්තාගත ලෙස වැඩි වී තිබේ. ඒ අනුව මේ වසරේ (2022* පළමු මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනවාරි 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000 ත් 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වැනිදායි. එදින පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි. මෙය හොඳ තත්ත්වයකි. තවත් වර්ධනය කරගත යුතු තත්ත්වයකි. රුසියානු සමූහාණ්ඩුවෙන් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 13,478 ක් වන අතර ඉන්දියාවෙන් 11,751 දෙනකු මෙරටට පැමිණ තිබේ. යුක්රේනයෙන් 7,774 දෙනකු මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනකු පැමිණ තිබේ. ජර්මනිය, ප‍්‍රංශය, පෝලන්තය, ඔස්ටේ‍්‍රලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවල් ජනවාරි මාසයේ දී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වේ. මේ හොඳ තත්ත්වය තවත් වර්ධනය කරගෙන සංචාරක ආදායම් මගින් අපේ විනිමය අර්බුදය සමනය කර ගැනීමට ගත හැකි උපරිම දායකත්වය ද ගත යුතුව ඇත.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment