ලුණුගම්වෙහෙර ‘ඉබ්බා’ කපා කොටා ඝාතනය කරලා

159


ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම 01.30ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි කැළුම් තුෂාර හෙවත් ඉබ්බා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 32 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු හා කලක පටන් ආරවුලත් තිබූ බවත් ඊට පළිගැනිමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.මියගිය පුද්ගලයාගේ එක් අතක් වෙන්වෙන්නම කපා ඇති අතර සිරුරේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල ඇති බවද පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment