රජු පුනරාගමනය – reggae

55

Bob Marley නමැති ඒ සුන්දර පූරාවෘත්තය හඳුන්වන්නටත් අර්ථකථන අවශ්‍ය නෑ. ඔහුට සංගීතය හරහා දේශසීමාවන් ආගම්, ජාතිභේද, වර්ණභේදයන් බිඳ දමමින් වයස් භේදයකින් තොරව අපට සමීප වන්නට පුළුවන් වූවා. මේ ලියමන ලියන අතරවාරයෙත් ඇසෙන reggae සංගීතයට මුසුවන්නේ ඔහුගේ හඬයි.

සංගීතය නමැති දිව්‍යමය වූ ඔසුව ජාති ආගම් හඳුනන්නේ නෑ. ඒ වගේම එයට වර්ණභේද, දේශසීමාවන්, සමාජ මට්ටම අදාළ වන්නේ නෑ. සංගීතයට මිනිස් ආත්මයේ පතුලටම ගොස් එය සනසවන්නටත් නළවන්නටත් පුළුවන්. එයට කෙසේ නම් අර්ථකථනයන් ලබා දෙන්නද? එය ඔබ මා අප සැවොම විඳිය යුතු හැඟීමක් පමණමයි.

මේ ආදරයේ මාසයයි. ඉතින් ආදරය හිමි ඔබට වගේම එය මගහැරුණු, අහිමි වූ ඔබටත්, ආදරය වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී දිනයේදී කිසිදිනෙක අමතක නොවන වටිනා වූ තිළිණයක් ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ.

රජු පුනරාගමනය - reggae

මා කලින් සඳහන් කළ සංගීතය නමැති දිව්‍යමය ඔසුව, නිර්මාණය කරන්නේ දෙවියන් නොව මිනිස් ආත්මයක් ලද සුන්දර මිනිසුන්. ඉතින් ඔබට ඔබවම වෙන්වූ මනෝරම්‍ය වූ මනෝලෝකයකට ගෙන යන්නටත් මේ සංගීතයට පුළුවන්. අද අපේ කතාබහට සංගීතය හරහා ආරම්භයක් ගත් කාරණය නම්, අප අද කතා කරන්නට සූදානම් වන කතානායකයා සංගීතය තුළින් ඔබගේ හදවතේ ගැඹුරේම පැලපදියම්ව සිටින නිසාමයි.

Bob Marley නමැති ඒ සුන්දර පූරාවෘත්තය හඳුන්වන්නටත් අර්ථකථන අවශ්‍ය නෑ. ඔහුට සංගීතය හරහා දේශ සීමාවන් ආගම්, ජාතිභේද, වර්ණභේදයන් බිඳ දමමින් වයස් භේදයකින් තොරව අපට සමීප වන්නට පුළුවන් වූවා. මේ ලියමන ලියන අතරවාරයෙත් ඇසෙන reggae සංගීතයට මුසුවන්නේ ඔහුගේ හඬයි.

මේ පෙබරවාරි 14 වැනිදා ඒ මහා පුරාවෘත්තයට ආදරය කරන සැමටම සුවිශේෂී වන්නේ ඔහුගේ ජීවන කතාව අලළා නිර්මාණය වුණු Bob Marley – One Love චිත්‍රපටය ලොවපුරා තිරගත වීම ආරම්භ කළ නිසාමයි.

රජු පුනරාගමනය - reggae

මේ වන විටත් ලොවපුරා අති විශාල වූ ජන ආකර්ෂණයක් ලබා ගනිමින් ආදායම් වාර්තා තබමින් තිරගත වන Marley – One Love චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Reinaldo Marcus Green විසින්. ඒ වාගේම මේ දැවැන්ත වූ නිර්මාණයේ නිෂ්පාදන කාර්යභාරයට දායකත්වය සපයන්නේ Robert Teitel” Dede Gardner” Jeremy Kleiner” Ziggy Marley” Rita Marley” Cedella Marley යන අයයි. මේ අතර Bob Marley පුත්‍රයකුද සිටීම විශේෂත්වයක්.

ඇමරිකන් ඩොලර් මිලියන 70කට ආසන්න වූ මුදලකින් නිපදවූ Bob Marley – One Love චිත්‍රපටය Biography”Drama”Music අයත් වෙනවා. Bob Marley නමැති පුරාවෘත්තය දේවත්වයෙන් අදහන Reggae සංගීතයට ආදරය කරන බොහොමයක්, වර්තමානය වන විටත් ලොව පුරා සිටිනවා. Bobf.a සංගීතය ජනතාව අතර ජනප්‍රියත්වයට පැමිණෙන්නේ මහත් කටුක කාලසීමාවන් මෙන්ම අමිහිරි සිදුවීම් ගණනාවක් මැදින් බව බොහොමයක් දෙනා මේ වන විටත් දන්නා කාරණාවක්. මේ චිත්‍රපටය තුළින් ඔබට Bob ගායනයට පිවිසෙන්නට ප්‍රථම ඔහුගේ ජීවිතය ගෙවුණු ආකාරය ගැනත්, ජීවිතේ සිදු වුණ හැලහැප්පීම් මෙන්ම අති මහත් වූ තර්ජන ගර්ජනයන්ට මැදිව අවසානයේ Bobf.a ගීත කලාව ලොවට දායාද වූ ආකාරයත් ඔහුගේ සංගීතයට අදරය කරන රසිකයන් ඔහුව ආදරෙන් වැළඳගත්ත ආකාරයත් දැකබලා ගන්නට පුලුළුවන්. මෙය සුවිසල් වූ රිදී තිරයේ දකින ඔබ සංවේදී වන බව නොඅනුමානයි.

Kingsley Ben-Adir විසින් Bob Marleyf.a චරිතය නිරූපණය කරන අතර ඔහුගේ බිරිඳ Rita marleyf.a චරිතය වෙනුවෙන් Lashana Lynch දායකත්වය සපයනවා.

ඔබ මෙතෙක් අත්නොදුටු සිනමාත්මක අත්දැකීමක් ඔබට ළඟා කරවීමට Bob Marley – One Love සිටින බව ඔබට මෙය කියවීමෙන් පසු හැඟෙන්නට ඇති කියා සිතනවා. ඉතින් සෑම විටම පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටි, තම සංගීතයෙන් අරගල කළ ඒ සුන්දර මිනිසාගේ සත්‍ය කතාව බලන්නට ඔබටත් ආරාධනා කර සිටිනවා.

ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment