මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා 2023 – දිලිනි උමාෂා ජාත්‍යන්තරයට…

174

මාස එකහමාරක් බත් කෑවේ නෑ..

දිලිනි උමාෂා අපට විශේෂ වෙන්නේ මේ අවුරුද්දේ අන්තිම පැවැත්වෙන මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් (miss globe international 2023) තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වන එකම තරගකාරිය ඇය නිසා. ඇය තමයි ඒ ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන්න රට රටවල්වලින් තෝරන තරගකාරියන් අතරට මේ වසරේ අපේ රටෙන් තේරුන මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා (miss globe srilanka 2023) ජයග්‍රාහිකාව.

දැන් ඔන්න miss globe sri lanka කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපේ අයට ඒවි. ඇත්තටම මේක අපිට හරි අලුත්. මුලින්ම ලංකාවෙන් මේ තරගාවලියට ගිහින් තියෙන්නේ 2020දි චතුනි සේනානායක. 2019දී miss globe sri lanka වෙලා ජාත්‍යන්තර තරගය නියෝජනය කරාම ඇයව ජාතික සංවිධායක විදිහට ලංකාව වෙනුවෙන් පත් කරලා මේ තරගය ලංකාවේ සංවිධානය කරන වගකීම පවරලා තියෙන්නේ ඇයට.

මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා 2023 - දිලිනි උමාෂා ජාත්‍යන්තරයට…

ලංකාවට අලුත් වුණාට ලෝකෙට නම් මේක අලුත් නෑ. ඒ මොකද මේ පාර දිලිනි සහභාගි වන ජාත්‍යන්තර තරගාවලිය මේ අගෝස්තු මාසේ පැවැත්වෙන්නේ 50 වෙනි වතාවට. මෙවර පනස් වෙනි සංවත්සර තරගය ලංකාවේ පවත්වන්න තීරණය කරලා තියෙන්නෙත් චතුනි දිගින් දිගටම කරපු ඉල්ලීමක් නිසා කියලයි කියන්නේ. චතුනි සමග ට්‍රොනික් ඉන්ටර්නැෂනල් ආයතනය තමයි ලංකාවේ මේ ඉවෙන්ට් එක සංවිධානය කරන්නේ.

දැන් අපි දිලිනි උමාෂා ගැන කතා කරමුකෝ. දිලිනි NSBM හරිත සරසවියෙ උපාධිධාරිනියක්. වැඩිදුර අධ්‍යාපනයට ස්වීඩන් යන්න බලාපොරොත්තුව ඉන්න අතරේ තමයි
miss globe sri lanka තරගාවලිය ගැන යාළුවෙක් මාර්ගයෙන් ඇය දැනගන්නේ. ඇය ”beauty queen” තරගාවලියකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා ඒ ඇතිවෙච්ච විශ්වාසයත් එක්ක දිලිනිට ලොකු බයක් තිබිලා නෑ.

“ඇත්තටම මේක beauty contest එකකට වඩා ටිකක් වෙනස්. චතුනි සේනානායක මිස් කියන විදිහට අනාගත ලෝකය සඳහා පිරිමියා තරමට කාන්තාවත් ශක්තිමත් විය යුතුයි. ලස්සන වගේම පෞර්ෂවත් බුද්ධිමත් එඩිතර කෙනෙක් විය යුතුයි. අන්න ඒ සඳහා සූදානම් වන අනාගත කාන්තාව ඉලක්ක කරගෙන තමයි ලෝකයම මේ ග්ලෝබ් ඉන්ටර්නැෂනල් තරගාවලිය පවත්වලා තියෙන්නෙ.

මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා 2023 - දිලිනි උමාෂා ජාත්‍යන්තරයට…

මම උපන්නෙ කුරුණෑගල මොරගොල්ලාගම. නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් පුංචි කාලේ ඉගෙන ගත්ත මම උසස් පෙළ කළේ ඉබ්බාගමුව central එකෙන්. මම නැටුම්වලින් ඒ ලෙවල් කරලා කැම්පස් තේරුණා. මට ඕන වුණේ හැමවෙලේම අලුත් දෙයක් කරලා අභියෝගයක් බාර ගන්න. අන්න ඒ නිසා ඇඟේ තිබිච්ච සෞන්දර්ය හැකියාවන් එක්කයි අභියෝග බාර ගැනීමේ අභිලාෂයයි එක්තැන් වුණ නිසයි මම මේ තරගයට ගියේ.”

දිලිනි සහභාගි වුණු මේ තරගාවලිය අවසන් වටය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව පහුගිය මැයි 28 කොළඹ හිල්ටන් හෝටලයේ පවත්වන්න චතුනි වගබලාගෙන තිබුණා. ඊට පෙර යාපනය, මහනුවර, කොළඹ වගේ මධ්‍යස්ථාන තුනකින් පළමු වටය සංවිධානය කළා. යාපනෙනුත් තරුණියන් 500ක් සහභාගි වෙලා. කොළඹින්, මහනුවරින් ඊට වැඩියි. තරගාවලිය වට හතරකින් සමන්විතයි. අවසන් පූර්ව වටය මිනි ඉවෙන්ට් (mimi ivants) 9කින් යුක්තයි. එහිදී අභියෝගාත්මක තරගවටය තමයි දිලිනිගේ හොඳම වටය වෙලා තිබුණේ.

“ටැලන්ට් රවුන්ඩ් එක හරිම අභියෝගාත්මකයි. මට නැටුම් පුළුවන් නිසා නැටුමක් කළා. හැබැයි ඒක ‘ෆයර් ඩාන්ස්’ එකක්. මට ඒක පුහුණු කළේ නාමල් සන්දුසේන සර්. ගින්දරත් එක්ක කරපු නැටුම අවසන් 16 දෙනා අතරට එන්න මට ලොකු පිටිවහලක් වුණා. එතැනින් ‘ටොප් සෙවන්’ අතරට තේරුණා. බුද්ධිය, අභියෝග ජය ගැනීම, අවබෝධය හා නිරවුල්ව අදහස් ප්‍රකාශනය වගේ හුඟක් දේවල් බැලුවා. මා හිතන්නේ මම ඒ හැම තැනකම සක්සස්.”

අවසන් වටයට එන්න පෙර දිලිනි අනිත් මොන දක්ෂතා පෙන්නුවත් ඇඟ තරමක් මහත්ව තිබීම ලොකු අවාසියක් වේවි කියලයි චතුනිලා හිතුවේ. එහෙත් ඈ අවසන් වටයට එන්නට පෙර ඇඟ අඩු කර ගැනීමේ අභියෝගය භාර ගත්තා. කිලෝ 80කට කිට්ටුව තිබුණු බර කිලෝ 56 කඩු කර ගැනීමම අභියෝග භාර ගැනීමට ඇය සතුව ඇති ශක්තිය පෙන්වන උදාහරණයක් බවයි චතුනි මිස් කියන්නේ.

“මාස එකහමාරක්ම මම බත් කෑවේ නෑ. පොඩි පොඩි දේවල් කාලා අභ්‍යාස කරලා ඇඟ හදාගත්ත. අන්තිමේ ගෙදර අයටත් මාව අඳුනගන්න බැරි වුණා. මගේ යාළුවෝ පුදුම වුණා. ඇත්තටම කැපවීමක් තියෙනවා නම් බැරි දෙයක් නෑ.

මේ වෙලාවේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එක ගැනත් මම ඉන්නේ ලොකු විශ්වාසයකින්. ඒ මොකද ලංකාවේ සංවිධායකවරුන්ගේ ඉල්ලීම මත 50 වන සංවත්සර තරගාවලිය කොළඹ තියන්න ජාත්‍යන්තර සංවිධායකයෝ එකඟ වෙලා. තරගාවලිය දෙසැම්බර් මුල හිල්ටන් හෝටලයේම පැවැත්වෙන නිසා මට චකිතයක් නැතුව මගේ ම ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ තරගයට මුහුණ දෙන්න පුළුවන්. මගේ රටේ මගේ ප්‍රේක්ෂකයො ඉදිරියේදී මම ජය ගන්නවා කියලා විශ්වාසයක් තියෙනවා. පිටරටකට ගියානම් මම තනියෙන් යන්න එපායැ…”

අවසන් තරගාවලිය ජයගෙන ”miss globe international 2023”
වෙන්න දිලිනි උමාෂා පසුවන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ සඳහා ඈ සතු සුන්දරත්වය අඩුවක් නෑ. පෞරුෂත්වයත් අභියෝග ජයගැනීමේ හැකියාවත් අඩු නෑ කියලයි ඈ කියන්නේ. අනාගතය ජයගන්න පිරිමින් තරමටම කාන්තාවන් වන අපටත් හැකියි කියන විශ්වාසය ඈ සතුයි.

බුලිත
ඡායාරූප : සංඛ ගාල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment