ඉඹුල්පිටියේ දෙදරු පියෙක් සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන

355

රත්නපුර, මල්වල, ඉඹුල්පිටිය ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ පුද්ගලයකු පෙරේදා (02 දා) සිය සිරුරට ගිනි තබාගෙන දිවි නසාගෙන ඇතැයි රත්නපුර මූලස්ථාන පොලිසිය පවසයි.

ඔහු ගිනි තබා ගැනීමේදී නිවසට ගිනි ඇවිලී ඇති අතර පසුව එම ස්ථානයට රත්නපුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු පැමිණ ගින්න මැඬ පවත්වා තිබේ.

අදාළ ගින්නෙන් එම නිවසේ කාමර 2ක් විනාශ වී ඇති අතර ගිනි තබාගත් පුද්ගලයා එහිදී ගින්නට හසුව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දිවුලපිටිය, මල්වත්තගේ රත්නසේකර නමැති 54 හැවිරිදි දෙදරු පියෙක් බව පොලිසිය පවසයි.

මොහු සිය නිවසේ සිටි බිරිඳ හා දරුවන්ව එළවා දමා නිවසේ තනිවම ජීවත්ව ඇත.

රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් මල්කාන්ති මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවාය.

මේ පිළිබඳව රත්නපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment