අධිකරණ නිලධාරිනියට මහෙස්ත්‍රාත්ගෙන් දොස්

4037

දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට දිනය හා වේලාව නියම කර තිබියදීත් ඒ සඳහා අවශ්‍ය යතුරුලියනයක් නොමැති බවත්… සිංහල ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු නොපැමිණි බවත් ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරිනියකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (3 දා) අවවාද කළේය.

සැකකරුවන් හා පොලිසිය සාක්‍ෂි විභාගය සඳහා අධිකරණයට පැමිණ බලාගෙන සිටියදී පෙර තමන් විසින් කරන ලද නියෝගය ප්‍රකාරව භාෂා පරිවර්තකයකු කැඳවා නඩු විභාගයට අවශ්‍ය පියවර නොගෙන යතුරුලියනයක් නොමැති බවට පැවසීම වැරදි සහගත බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

කෙසේ නමුත් ඉන් විනාඩි කිහිපයකට පසුව යතුරුලියනයක් රැගෙන සාක්‍ෂි සටහන් කිරීමට පියවර ගත් අතර එම සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය අවසන් වූ පසු සිංහල, ඉංග්‍රීසි භාෂා පරිවර්තකවරයකු ඉදිරි නඩු දිනයේදී කැඳවීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන 6 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment