වැරදුණු උණ්ඩයට දිවිදුන් පොලිස් සැරයන් උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කරයි

217

පාතාලයේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගමට ගිය මොහොතේ වැරදීමකින් සිදුවූ වෙඩි තැබීමකින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයාගේ සේවය උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කර ඇත.

මෙම පොලිස් නිලධාරියාගේ සේවය වෙනුවෙන් ඔහුගේ දරු පවුලට වන්දි මුදලක් ලබාදීමට ද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

මේ අතර මෙම පොලිස් නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරින් සමග සිය රාජකාරිය අකුරටම ඉටුකළ පොලිස් නිලධාරියෙකි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment