මන්ත්‍රී ශකීබ් දෙවැනි ටෙස්ට් තරගයට එයි

572

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන බංග්ලාදේශ සංචිතය සඳහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර ඇත.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර අනතුරුව ඔහු මුහුණ දුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට ශකීබ් තීරණය කළේය.

තව්හිද් හ්රිදෝයි වෙනුවට ශකීබ් සංචිතය සඳහා කැඳවා ඇති අතර ශකිබ් අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ය.

කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි මස පැවැති බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශකීබ් දැන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වේ. මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසුව ශකීබ් මෙතෙක් කිසිම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චැට්‍රොග්‍රෑම් හිදී ආරම්භ වීමට නියමිතය.

ටෙස්ට් තරග 66 කදී ලකුණු 4454 ක් සහ කඩුලු 233 ක් ලබා ගෙන ඇති ශකීබ් බංග්ලාදේශය විසින් බිහි කරන ලද විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment