ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලිය : මහනුවර සහ යාපනය ජයග‍්‍රහණ ලබයි

108

ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවදුරටත් පළමු ස්ථාන දෙක වෙන්කර තබා ගැනීමට මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම සමත්විය. ඊයේ (01දා) පැවැති තරග දෙකේදී පිළිවෙලින් ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම පරාජයට පත්කරමින් මහනුවර සහ යාපනය කණ්ඩායම මෙලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක වෙන්කර ගැනීමට සමත්විය.

මෙවර තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් ඊයේ කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති කොළඹ සහ යාපනය තරගයේදී කඩුලූ 6ක ජයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 247ක ඉලක්කයක් යාපනයට ලබා දුන්නේය. එ් අනුව ලකුණු හඹා යෑමේ ඉනිම ආරම්භ කළ ළහිරු තිරිමාන්න සහ සදීර සමරවික‍්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක සාර්ථක ලකුණු සම්බන්ධතාවක් එක් කළේය.

තරගයේ 19 වැනි පන්දු වාරයේදී දුවද්දී දැවී යෑමකට හසුව තිරිමාන්න ලකුණු 52කට දැවී යන විටදී පන්දු 63කට මුහුණ දී හතරේ පහර 6ක් එල්ල කර තිබිණි.

යාපනය ඉනිම ජය ටැඹ වෙත රැුගෙන ගිය සදීර සමරවික‍්‍රම ලකුණු 91ක් වාර්තා කිරීමට සමත්විය. පන්දු 95ක් පුරා නොදැවුණු එම ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් කිරීමටද ඔහු වගබලාගෙන තිබිණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 31කට සීමා කරමින් සිතාර ගිම්හාන ලකුණු 18කට දවා ගැනීමට ප‍්‍රමෝද් මදුශාන් ලියනගමගේ සමත්විය.

කොළඹ ඉනිමේ කඩුලූ 4ක් මුළු ලකුණු 53කදී අහිමි වී තිබියදී පිටියට එක් වූ ෂම්මු අශාන් සහ අශේන් බණ්ඩාර පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සම්බන්ධතාවක් එක් කළේය. එහිදී ෂම්මු අශාන් ලකුණු 43ක් වාර්තා කළ අතර අශේන් බණ්ඩාර ලකුණු 75ක් කොළඹ ඉනිමට එක් කළේය.

නිමන්ද මදුසංක කොළඹ ඉනිමේ ලකුණු 39කට කඩුලූ 4ක් බිඳ දැමීය.

මහනුවර සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 96ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුර කණ්ඩායම පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලකුණු 269ක් වාර්තා කිරීමට සමත්වූ අතර ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.2කදී මුළු ලකුණු 173කට සියලූ දෙනා දැවී ගියේය.

මහනුවරට ජයග‍්‍රහණය රැුගෙන ආ පුලින තරංග පන්දුවාර 7යි පන්දු 2ක් දියත් කරමින් ලකුණු 29කට ගාල්ල ඉනිමේ කඩුලූ 6ක් බිඳ දැමීමට සමත්විය. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 36කට කඩුලූ 2ක් බිඳ දැමීය.

ගාල්ල ඉනිම අර්ධ ශතකයකින් වර්ණවත් කළ පබසර වඩුගේ පන්දු 88කදී ලකුණු 50ක් රැුස් කළේය.

මහනුවර නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 29කදී වේගවත් ලකුණු 46ක් මහනුවරට එක් කළේය. කනිෂ්ක අංජුල කි‍්‍රයාත්මක කළ තරගයේ 7 වැනි පන්දුවාරයේදී දික්වැල්ලගේ ඉනිම නිමාවට පත්වෙද්දී හතරේ පහර 10කින් ගාල්ල පන්දු යවන්නන්ට සංග‍්‍රහ කර තිබිණි.

පෙර තරගයේදී ශතකයක් වාර්තා කළ ඕෂධ ප‍්‍රනාන්දු ඊයේ දිනයේදී ලකුණු 56ක් රැුස් කළ අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

ළහිරු උදාන ලකුණු 63ක් සහ ලසිත් කෲසපුල්ලේ ලකුණු 46ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

කොළඹ – යාපනය

කොළඹ පන්දුවාර 50දී 247/8යි (අශේන් බණ්ඩාර 75, ෂම්මු අෂාන් 43, ළහිරු මදුසංඛ 42, සිතාරා ගිම්හාන 18, නිමන්ද මදුසංක 39/4)

යාපනය පන්දුවාර 46.4කදී 248/4යි (සදීර සමරවික‍්‍රම (නොදැවී) 91, ළහිරු තිරිමාන්න 52, තරිඳු රත්නායක 56/2)

මහනුවර – ගාල්ල

මහනුවර පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලකුණු 269යි ( ඕෂධ ප‍්‍රනාන්දු 56, ලසිත් කෲසපුල්ලේ 46, ළහිරු උදාර 63, නිරෝෂන් දික්වැල්ල 46, කවිශ්ක අංජුල 34/2)

ගාල්ල පන්දුවාර 42.2කදී සියලූ දෙනා දැවී 173යි (පබසර වඩුගේ 50, අශාන් රන්දික 28, නිමේෂ් විමුක්ති 22, හේෂාන් හෙට්ටිආරච්චි 21, පුලින තරංග 29/6)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment