රාමසාන් සමරන්න පැමිණි මිනිබිරියට අතවර කළ සීයා රිමාන්ඩ්

879

අවුරුදු 06 ක් වයසැති මිනිබිරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ එම දැරියගේ සීයාව එළඹෙන 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා 23 වෙනිදා නියම කළේය.

මිනුවන්ගොඩ, ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.‘දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දැරිය තම සොහොයුරා සහ පියා සමග ගල්ලොලුව ප්‍රදේශයේ පිහිටි තම පියාගේ මහ ගෙදරට රාමසාන් උත්සවය සැමරීමට මීට දින කිහිපයකට පෙර පැමිණ ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ඉකුත් 21 වැනිදා රාත්‍රියේ දී දැරිය නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටියදී සැකකරු මෙසේ දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව අධිකරණයේදී සඳහන් විය. දැරිය කාමරයේ සිට කෑගසන ශබ්දය ඇසී මුළුතැන්ගෙයි සිටි ආච්චී (සැකකරුගේ බිරිඳ) කාමරය තුළට ගොස් දැරියව බේරාගෙන ඇති බව අධිකරණයේදී සඳහන් විය. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පො. ප. චන්දන කුලසූරිය, උප. පො. ප. එම්. කේ. රමනි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පැමිණිල්ල මෙහෙයවමින් සැරයන් සුදත් නන්දසිරි (38098) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment