ආසියානු සහාය දිවීමේ තරගාවලියට – ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20ක්

136

පළමු ආසියානු පිරිමි සහ කාන්තා සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකු ගෙන් සමන්විත සහාය දිවීමේ සංචිතයක් තෝරා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කොට ඇත.

මීටර් 100 කාන්තා සහ පිරිමි සහය දිවීමේ කණ්ඩායම්, මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීමේ කණ්ඩායම් සහ සහය දීවීමේ මිශ්‍ර යන ඉසව් සඳහා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන තිබේ.

එක් සහය දිවීමේ කණ්ඩායමකට ක්‍රීඩකයන් පස්දෙනා බැගින් ක්‍රීඩකයන් 20 ක් මෙලෙස තෝරා ගෙන ඇත.

ආසියානු මලල ක්‍රීඩා සහ තායිලන්ත මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලිය ලබන මැයි මස 20 සහ 21 දිනවල තායිලන්තයේ බැංකොක් හි තමාසාට් විශ්වවිද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා මෙතෙක් සුදුසුකම් නොලැබූ ආසියානු රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලිය සඳහා සහය දිවීමේ කණ්ඩායම් ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද සහාය දිවීමේ පුහුණු තරග ආශ්‍රිතව අදාළ කණ්ඩායම් 5 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනා තෝරාගෙන ඇත.

තෝරා ගැනීමේ තරග ආශ්‍රිතව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා මෙසේය.

මීටර් 100 පිරිමි

ආර්.පී.කේ.එන්. චතුරංග තත්.10.59යි, දිනෙත් ඉඳුවර තත් 10.61, දෙනෙත් සේනානායක තත්. 10.62, චානුක ධර්මකීර්ති තත්.10.63යි. චලිත් පියුමාල් තත් 10.63යි.

මීටර් 100 කාන්තා

අමාෂා සිල්වා තත්. 11.95, ෂෆියා යමික් තත්. 11.99, දිනර බණ්ඩාර දෑල තත් 12.2, අනුරුද්දිකා මුතුකුමාරණ තත්.12.27යි, එච්.කේ.ටී.ඩී. සිල්වා තත් 12.27යි.

මීටර් 400 පිරිමි

රාජිත රාජකරුණා තත්.46.72, දිනුක දේශාන් තත්.46.74, හර්ෂ කරුණාරත්න තත්.47.20, ඉසුරු ලක්ෂාන් තත්.47.25යි, ඉෂාන් මධුරංග තත්.47.68යි.

මීටර් 400 කාන්තා

තරුෂි කරුණාරත්න තත්.53.40යි, රුමේෂිකා රත්නායක තත්.54.70යි, නිෂේන්ද්‍ර ප්‍රනාන්දු තත්පර 55.95යි, ෂෆියා යමික් තත්.56.26යි, ඩබ්ලිව්.එච්.එම්. ප්‍රනාන්දු තත්පර 56.36යි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment