යළි පණගන්වා – ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි

469

ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18දා) පෙරවරු 9ට විවෘත කෙරේ.

1978 වර්ෂයේ ඇරඹි දෙවන කඩදාසි කර්මාන්තශාලාව වන්නේ මෙම කර්මාන්තශාලාවයි. අකාර්යක්ෂම පාලනය, අක්‍රමිකතා ආදී හේතු මත වසා දැමීමට ලක්ව විනාශය කරා ගොස් තිබූ මෙම කර්මාන්ත ශාලාව යළි පණගන්වා ජාතියට ආදායම් උත්පාදනය කරන කර්මාන්තශාලාවක් බවට පත් කිරීමේ වගකීම අනුනයින් හෝල්ඩින්ස් ආයතනය විසින් භාරගෙන නැවත කඩදාසි නිෂ්පාදනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment