බිමන්දී හා සුපුන මේස පන්දු ජාතික ශූරයෝ වෙති

96

77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ ජාතික ශූරයා හා ශූරිය ලෙස කිරුළ හිමිකර ගැනීමට කළ සුපුන වරුෂවිතාන ((99x Technologies ආයතනය) හා මහනුවර හිල්වුඩ් විද්‍යාලය නියෝජනය කළ බිමන්දි බණ්ඩාර සමත් විය. සුපුන පළමු වතාවට ජාතික ශූරයා ලෙස අභිශේක ලැබූ අතර බිමින්දි සිව් වැනි වතාවට ජාතික ශූරිය ලෙස අභිශේක ලැබීමද විශේෂත්වයකි.

 බාලිකා අවසන් මහා තරගයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ තමාදි කාවින්ද්‍යා තරග වට 4-1ක් ලෙස පරාජය කරමින් මහනුවර හිල්වුඩ් විද්‍යාලය නියෝජනය කළ බිමන්දි බණ්ඩාර ජයග්‍රහණය හිමිකර ගන්නා ලද අතර, පිරිමි අවසන් මහා තරගයේ දී තරගයේ දී වට 4-2 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (පව පුද්ගලික සමාගම) පරාජයට පත් කරමින් සුපුන වරුෂවිතාන ජය හිමිකර ගැනීමට සමත් විය.

 යුගල පිරිමි තරගාවලියේ ජය හිමිකර ගැනීමට නිර්මල ජයසිංහ (මාස් සමූහ ව්‍යාපාරය) සහ දිනේෂ් කවිෂ්ක (විද්‍යාර්ථ ආදි මේස පන්දු සංගමය) සමත් වූ අතර, එම අංශයේ බාලිකා ජය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ තාමාදී කාවින්ද්‍යා සහ සිනේත්මි තෙසන්යා සමත් විය. විවෘත මිශ්‍ර යුගල අංශය ජය හිමිකර ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිමේෂ් රංචාගොඩ හා හංසනී පියුමිලා සමත් විය.

 ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment