මහියංගනය ඉන්ධනවලින් ඇවිළෙයි

148

රෝහල් කාර්යය මණ්ඩලයට හූ කිව්වැයි  බදුල්ල – මහියංගන පාර වසති

විභාග රාජකාරි ගුරුවරු  ඉන්ධන ගැනීමට පැමිණීමෙන් දින තුනක් තිස්සේ පෝළිමේ  රැඳී සිටි පිරිස් විරෝධය පාති

මහියංගනය ඉන්ධනවලින් ඇවිළෙයි

මහියංගණ නගර ආසන්නයේ රිදීකොටලිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි මහියංගණ මුලික රෝහල් කාර්ය මණ්ඩලයට, දිනතුනක් තිස්සේ ඉන්ධන ලබාගැනීමේ අරමුණ ඇතිව පෝළිමේ රැඳී සිටි පිරිසක් හූ කියා විරෝධය පළ කර තිබේ. ඒ හේතුවෙන් මහියංගන මුලික රෝහලේ කාර්යය මණ්ඩලය, බදුල්ල මහියංගන මාර්ගය රෝහල අසලින් අවහිර කර 20 දා දින දහවල් දොළහට පමණ විරෝධතාවක නිරත වූහ.

මහියංගනය ඉන්ධනවලින් ඇවිළෙයි

මාර්ගය හරස් කර සිටින රෝහල් කාර්යය මණ්ඩල මහියංගණ පොලිස්ථානාධිපති ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ අයුරු.

විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය ද අවහිර වූ අතර මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා හා නිලධාරීන් පැමිණ විරෝධතාවයේ නිතර රෝහල් කාර්යය මණ්ඩලය සමග සාකච්ඡාකර තිබේ. එහිදී මහියංගණයේ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන තෙල් ලබාදීමේදී රෝහල් කාර්යය මණ්ඩලය සඳහා මුඛතාවය ලබා දීමේ වැඩ පිළිවෙළක් සූදානම් කර දෙන බවට පොරොන්දු වීමත් සමග විරෝධතාව අවසන් වී තිබිණි.

මහියංගනය ඉන්ධනවලින් ඇවිළෙයි


ඉන්ධන ලබා ගැනීම සඳහා මහියංගණ ජාතික පාසලේ විභාග උත්තර පත්‍ර පරීක්ෂා රාජකාරි නිරත විදුහල්පතිවරු, ගුරුවරු සියයකට අධික ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් ඊයේ 20 දින උදෑසන ඉන්ධන පිරවුම් හල අසල ඉතා උණුසුම් තත්වයන් හා වචන හුවමාරුවක්ද ඇති විය.

ඉන්ධන ලබා ගැනීමට පැමිණ පෝළිමේ සිටි පිරිසෙන් පස්දෙනකු හා විභාග රාජකාරි සිදුකරන ගුරුවරු 02 බැගින් ඉන්ධන පිරවුම්හල වෙත ඇතුළත් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීමට මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා හා නිලධාරීන් කටයුතු කරනු ලැබීය. ඉන්ධන පෝළිමේ රැඳී සිටි අයට රුපියල් 2000ක්ද, විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරුනට රුපියල් 3000ක ඉන්ධන එහිදී නිකුත් කෙරිණි.

ගුරුවරු රැසක් විභාග උත්තර පත්‍ර පරීක්ෂාව අතරතුර ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටියේය. උත්තර පත්‍ර පරීක්ෂාව යහපත් මානසික තත්වයක් යටතේ සිදු කළ යුතුව ඇතත්, ඉන්ධන අර්බුදය වෙනුවෙන් තෙල් පෝලිම්වල රාත්‍රිය පුරා රැඳී සිටිමින්, නිදිවර්ධිතව සිට මෙම රාජකාරිය යහපත් නිරවුල් මනසකින් සිදුකළ නොහැකි බව ගුරුවරු පැවසූහ.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment